මිත්යාදෘෂ්ඨීන් ගේ ඇසුරෙන් සුළු කාලයක් බුද්ධාගම අතැර භික්ෂූන් පෙළමින්, පන්සල් වෙහෙර විහාර විනාශ කළ මහසෙන් රජු පසුව බුද්ධ ශාසනය වෙනුවෙනුත් රට වැසියා වෙනුවෙනුත් ඉටු කළා වූ සේවය ඉතිහාසගත පුරාවතක් පමණක් නොව එතුමා විසින් ආරම්භ කළ මහා පරිමාන වැව් අමුණු හා වාරි කර්මාන්තය ශ්රී ලංකාවේ අනාගත පැවැත්මට ද හේතු වූවා වෙයි.
කෘෂිකාර්මික ජීවන රටාවකින් පෝෂිත ලක් වැසියන් ට උතුම් දායාදයක්ම වූ මින්නේරිය වැව, අමුණු ඇතුලු වාරිමාර්ග මෙතුමා දේවත්වයට පත් කිරීමට තරම් හේතු වූයේ පමා වී හෝ මහසෙන් රජතුමා දේශය සඳහා කල කැපකිරීම නිසාවෙනි.