වලගම් අබාවන්
 

සිංහලයේ ඓතිහාසික මහා නිදහස්‌ අරගලය ක්‍රි.පූ. 164 දී ගැමුණු කුමරුන් විසින් දියත් කොට පර සතුරු උවදුරින් මේ රට නිදහස්‌ කරගත් පසුව නැවතත් දකුණු ඉන්දීය ආක්‍රමනිකයන් හෙළදිව ආක්‍රමණය කළේ වලගම් අබාවන් ගේ රාජ්‍ය අවදියේ ය.

 

පර සතුරන්ගේ ග්‍රහණයෙන් සිය දේශය මුදවා ගැනීම සදහා මනා පරිශ්‍රමයක යෙදුනු වලගම් අබාවන්, සේනා සංවිධානයේ යෙදෙමින් දුෂ්කර ජීවිතයක්‌ ගත කළේ ජනවරණය සඳහා මහ වන ලැහැබ්හි පිහිටි ගල් ගෙවල් පිහිට කොටගෙනය.

 

පර සතුරන්ගෙන් මව් බිම මුදවාගෙන යළිත් රජ පැමිණි වලගම්බාවෝ, දෙසත්, රැසත් බේරා ගැනීමේ මහ මෙහෙවරට උර දුන් මහා සංඝයා වහන්සේලාට කෘත ගුණ සළකමින් තමාට රැකවරණය දුන් ගල්ලෙන්, වෙහෙර විහාර බවට පත් කල හ.

(c) Shilpa Sayura Foundation 2006-2017