මවකට තම දිවියේ ඉහිළිය නොහැකි වඳ වේදනා තිබිය හැකිය. වෙසෙසින් තම දරු දැරියන් හෝ සවාමියා වෙනුවෙන් විය හැකිය. ලංකා ඉතිහාසයේ එවැනි දුක් විඳි කාන්තාවක් හමුවන්නේ නම් ඒ ඇහැලේපොල කුමාරිහාමි පමණී.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සබරගමුව පළාතේ පාලනය ඇහැලේපොල නිළමේ තුමාට බාර කෙළේ ය. රජුගේ ක්‍රියා පිළිවෙල නොඉවසූ මොහු මිතුරු නිළමේ වරු හා එක්‌ව කුමන්ත්‍රණයෙක යෙදින. මේ දැනගත් රාජසිංහයන් ඇහැලේපොල සිරභාරයට ගැනීමට තැත් කළ ද ඒ නොහැකි වූයේ ඇහැලේපොල නිළමේ පැනගිය නිසාවෙනි.
කෝපයට පත් රජතුමා ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු දරු පිරිස මරා දැමීමට නියෝග කෙළේය. ඉතා සැහැසි ආකාරයෙන් තම කුස උපන් දරුවන් මැරෙනා සැටි බලා වුන් ඇය "දරුවෙනි, බිය නොගන්න. අපි මරණයට නියමව සිටින්නෙමු" යි පවසමින් දරුවන් දිරිමත් කළාය.
එතරම් ව්‍යවසනයක් හමුවේ වුව ද නොසැලී වුන් මෙම වීර මාතාව රාජ නියෝගයෙන් බෝගම්බර වැවේ ගිල්වා මරා දැමුව ද මැය ගේ එඩිතර කම ඉතිහාසය පුරා දිවෙන රන් හුයක් සේ සදාකල් ම වටනේ ය.