කළ්‍යාණවතී රැජින
 

ක්‍රි.පූ. 1213 දී රජ පැමිණි මැය නිශ්ශංක මල්ල රජතුමා ගේ අග බිසව ය. පොළොන්නරුව රාජධානිය කොට සය වසරක්‌ රාජ්‍ය විචාළාය. බෞද්ධ කාන්තාවක සතු ශාසන ලැදි බව මැගෙන් ප්‍රදර්ශනය වේ. ඇය තමා උපන් ගම නමින් ආරාමයක්‌ ද කරවූවා ය.

ඊට ගම් බිම් කුඹුරු ආදිය පමණක්‌ නොව දැසි දස්‌සන් ද ලබා දී ඇත.
මෙයට අමතරව වෙහෙර විහාර රාශියක්‌ ම කරවා ඇති කළ්‍යාණවතී රැජින මෙරට රාජාවලියේ සිහිකටයුතු කාන්තාවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017