එකමැ දේශය රුහුණු මායා පිහිටි නමින් පෙර දවස රාජ්‍ය විචාල කල්හි රුහුණු රට රාජ්‍ය විචාළේ මහාභරණ රජු ය. එතුමා ගේ ඇවෑමෙන් රජකමට පත් සුගලා දේවිය මහාභරණ රජුගේ අග මෙහෙසිය වූවා ය. සිංහල රාජාවලියේ සටන් පෙරමුණෙහි සටන් කළ කාන්තාවන් විරලය.
මෙකල සුගලා රැජින සන්තකයේ වූ දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ ලබාගැනීම පිහිටි රට රාජ්‍ය විචාල පරාක්‍රමබාහු රජු ගේ ඒකායන බලාපොරෝතුව විය. තම සවාමියාගේ උරුමයෙන් තමා ලද ධාතුන් වහන්සේ ලා ද රෝහණ රාජ්‍ය ද පාවා දීමට නො කැමති වූ සුගලා රැජින පරාක්‍රමබාහු යුද සේනාවන් හා මුහුණට මුහුණලා සටන් කළා ය. තම ස්‌ත්‍රී තත්වය ද නොතකා එඩිතර ව සටන් කළ මෙතුමිය සැබැවින් ම වීර කාන්තාවකි.