බල සහයක රෝධක (Power assisted brakes)
  නවීන මෝටර් රථවල ද්‍රව රෝධක යෙදීමේ දී ඒ සඳහා යොදන ආයාසය අඩු කර ගැනීමට උපකාර වෙන බල සහයක බූස්ටරයක් සවි කර ඇත. මෙයන් සිදු වන්නේ පාදයෙන් තිරිංග වලට යොදන බලය වඩාත් තීව්‍ර කර රෝද පිස්ටන මතට තෙරපුම් බලය යෙදීමයි.

තිරිංග යොදා නොමැති විට බූස්ටරයේ ප්‍රාචීරය දෙපස ම වායු ගෝලීය පීඩනය පවතියි. බූස්ටරයේ ඇතුළත ප්‍රාචීරයෙන් ප්‍රධාන සිලින්ඩරයට සම්බන්ධ අර්ධය එන්ජිමේ චූෂණ කුටීරයට සම්බන්ධ වේ.

එසේ ම බූස්ටරයේ ඇති පොපට් කපාටය වැසී ඇති විට වායුගෝලීය උෂ්ණත්වයට වඩා අඩු පීඩනයක් ප්‍රාචීරයෙන් පාදුකය පැත්තේ අර්ධයේ පවතියි. පාදිකය පාගත්ම කපාටය විවෘත වී ප්‍රාචීරයේ පාදිකය පැත්තට වායුගෝලී වාතය පිරෙන අතර, එම වායු පීඩන වෙනස හේතුවෙන් ප්‍රාචීරය ප්‍රධාන සිලින්ඩරය දිශාවට තෙරපෙනු ඇත. එහි දී පාදයෙන් යොදනවාට වඩා වැඩි බලයක් බූස්ටරය මඟින් ප්‍රධාන සිලින්ඩරය තුළ ඇති පිස්ටනය මත ඇති කෙරේ. එසේ වත් ම ප්‍රධාන සිලින්ඩරය තුළ ඇති රෝධක තරලය තෙරපී රෝද කරා පීඩනය සම්ප්‍රේෂණය වේ.

මෙහි දියර පද්ධතියේ ඇති විය හැකි දෝෂවලට අමතර ව, වායු ෆිල්ටර සිර වීම, පොපට් කපාටයේ සිර වීම් සහ ප්‍රාචීරයේ ඇති විය හැකි සිදුරු නිසා බූස්ටරය ක්‍රියා විරහිත වීමට ඉඩ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017