සිරස් තලයේ කෝණ මැනීමට පමණක් නිපදවා ඇති සරල ම උපකරණය ආනතිමානය යි. සාමාන්‍ය කෝණමානයකට බටයක් සවි කිරීමෙන් ඔබට ද මෙය සාදා ගත හැකි ය. එමෙන් ම එහි මධ්‍ය ලක්ෂ්‍යයේ යම් භාරයක් ගැටගසා තැබීම ද වැදගත් ය.
උපකරණය තිරස් ව පවත්වා ගත් විට එහි ඇති භාරය ගුරුත්ව රේඛාව දිගේ සිරස් ව පිහිට යි. මෙවිට සිරස් කෝණය 000ක් වේ. එහෙත් එහි මධ්‍ය රේඛාව ඇල ව පිහිටන විට භාරය ගුරුත්ව රේඛාව දිගේ පිහිටන හෙයින් මධ්‍ය රේඛාවේ ආනතිය (එනම් සිරස් කෝණය) සඳහා පාඨාංකය කියවිය හැකි ය. ගසක උස මැනීම ආදි ගණනය කිරීම්වල දී සිරස් කෝණය සමඟ කාර්යය කිරීමට සිදු වන බැවින් එකී සිරස් කෝණ මැනීම සඳහා ආනතිමානය යොදා ගත හැකි ය.