වාණිජ භෝග වගාව දිරිගැන්වීම
පෘතුගීසින් මෙන්ම ලන්දේසින් ද ලංකාවෙන් බලාපොරොත්තු වූයේ ඉස්තරම් වර්ගයේ කුරුඳුය. එහෙයින් කුරුඳු වගාවට ජනතාව උනන්දු කළ අතර ඒ සඳහා පුළුල් ලෙස සිය අවධානය යොමු කරණු දැකිය හැකිය.
දේශීය කෘෂිකර්මය නගා සිටුවීම
පෘතුගීසින් හා සසඳන විට ලන්දේසින් විසින් දේශීය කෘෂිකර්මය නැංවීමට ගත් ප්‍රයත්නය ඉහළය. තම යටත් ප්‍රදේශවල ඉඩම් මේ වෙනුවෙන් බෙදාදුන් අතර ඒ ඉඩම් වගාකිරීම සඳහා ප්‍රමාණවත් කොන්දේසි ද පනවනු ලැබීය.
ඇතැම් දේශීය කර්මාන්ත ආරම්භය හා දියුණු කිරීම
ලන්දේසි පාලන පෙදෙස්වල මේ කාලසීමාවේ දී නව කර්මාන්ත අරඹනු ලබන අතර ඒවායේ දියුණුවක් ද දැකිය හැකිය. මොරටු ලී බඩු කර්මාන්තය, රෙදි සායම් කිරීමේ කර්මාන්තය, උළු කර්මාන්තය මේ අතර වෙසෙසින් සඳහන් කළයුතු කර්මාන්ත වේ.
