ලීලාවතී රැජින
 

ක්‍රි.පූ.1208 වර්ෂයෙහි රජ පැමිණි ලීලාවතී රැජින මෙ රට තෙවරක්‌ ම රාජ්‍ය විචාල කාන්තාවකි. මැයගේ පාලන යුගයේ ඇති වූ සාහිත්‍ය ප්‍රබෝධය මෙ සමයෙහි ලියැවුනු පොත පත අනුසාරයෙන් පිළිඹිබු කෙරේ. සසදාවත කාව්‍ය සංග්‍රහය එළි දක්‌වා ඇත්තේ ද මැය ගේ පාලන සමයේ දීය. බෞද්ධ ශාසනයේ දියුණුවට ද ලීලාවතී රැජින දැක්‌ වූ උනන්දුව අගය කළ යුත්තෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017