* ලන්දේසි පාලනය
ලංකාවේ ලන්දේසි පාලනය ක්‍රියාත්මක වූයේ බතාවියේ අණසක යටතේය. එහෙයින් ආණ්ඩුකාරවරයා හා උපදේශක මණ්ඩලය බතාවියට වගකිව යුතු විය.
ආණ්ඩුකාරයා ප්‍රධාන පාලකයා විය. ඔහුගේ සහායට උපදේශක මණ්ඩලයක් විය. උපදේශක මණ්ඩලය අට දෙනෙකුගෙන් යුක්ත විය. ඔවුන් නම් ප්‍රධාන පරිපාලන නිලධාරි, කොළඹ දිසාව, ප්‍රධාන ගබඩා පාලක, පිස්කල්වරයා, වෙළඳ ගණකාධිකාරි, ලේකම්, ගෙවන නිලධාරියා හා අණදෙන නිලධාරියා මෙම අට දෙනා වේ.

සියළු ව්‍යවස්ථාදායක, විධායක බලතල ආණ්ඩුකාරවරයා හා මෙම උපදේශක මණ්ඩලය සතුවේ. තීරණ ගනු ලැබුවේ බහුතර කැමැත්ත අනුවය. ආණ්ඩුකාරවරයා තනිතීරණ ගන්නේ නම් ඔහු ඊට වගකිව යුතු වේ.
ආණ්ඩුකාරවරයා ළඟට බලධාරියා වූයේ කොළඹ ප්‍රධාන පරිපාලකවරයාය. කොළඹ ප්‍රදේශයේ ඉඩම් පිළිබඳවත් දිවයිනේ වාණිජ කටයුතු පිළිබඳ නිසි බලධාරියා වූයේ ඔහුය.
උපදේශක මණ්ඩලය මගින් අධිකරණ කටයුතු කළේ පිස්කල්වරයාය. ඔහු පත්කළේ බතාවියානු බලධාරින් විසිනි. ලේකම්වරයා විසින් උපදේශක මණ්ඩලයේ තීරණ වාර්තාකර ගනු ලැබුණි.
පරිපාලන කටයුතු සඳහා කොළඹ, ගාල්ල, යාපනය වශයෙන් කොමාන්ඩර් තුනකට බෙදා තිබුණි.
අභ්‍යන්තර පාලනයේ දී දිසාව ප්‍රධාන විය. ජනතාවත් සමඟ සබඳතා පැවැත්වූයේ දිසාවේ මාර්ගයෙනි. යුද, සිවිල්, අධිකරණ බලතල ඔවුනට විය. උප දිසාවේ වරුද පත්කර තිබුණි.
දිසාවේ යටතේ දේශීය පාලක මණ්ඩල ක්‍රියාත්මක විය. දිසාවේ, කෝරළ, පත්තු, ගම්සභා වශයෙන් බෙදා මුදලි, කෝරළේ, අතු කෝරළේ, විදානේ වශයෙන් පාලනය ගෙන ගියේය. සිංහල පාලන ක්‍රමය ඔවුන් යටතේ පෙරසේම ක්‍රියාත්මක විය.