ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පෘතුගීසිනට එරෙහි සටන දියත් කෙරුණි.
1639 දී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබුණු ත්‍රිකුණාමලය යටත් කරනු ලැබීය.
1640 පෙබරවාරියේදී මීගමුවත්, මාර්තුවලදී ගාල්ලත් සියතට ගනු ලැබීය.
1640 මැදභාගයේදී යුරෝපයේ ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමකට එළඹුනෙන් තාවකාලික සටන් නැවතුණි.
ලන්දේසින් අල්ලාගත් ප්‍රදේශවල නීත්‍යානුකූල අයිතිය ද පෘතුගීසීහු පිළිගත්හ. මෙය රජුගේ නොසතුටට හේතු වූ කරුණක් විය. මේ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර, අගුරුවාතොට, කොළඹ, මන්නාරම සහ යාපනය යන ලකොටු පහ පමණී.
වසර 12 ක් පමණ පැවැති මෙම සාමකාමි වාතාවරණය අවසන් කරමින් යළි සටන් ඇරැඹුණි.
1632 දී කළුතරත්, අගුරුවාතොටත් පහරදුන් හෙයින් පෘතුගීසීන්ට කොළඹ කොටුව අත්හැරීමට සිදුවිය. 1656 දී කොළඹ කොටුව අල්ලාගනු ලැබීය. 1658 දී මන්නාරම හා යාපනය බලකොටුත් අල්ලා ගැනීමෙන් පසු පෘතුගීසි ප්‍රදේශ සියල්ල ලන්දේසීන් අතට පත්විය. දෙවැනි රාජසිංහ රජු බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ලන්දේසීන් අතින් පෘතුගීසීන් පලවා හැරීම සම්පූර්ණ විය.
1638 ගිවිසුම අනුව පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා දැමීම ලන්දේසින් විසින් කළ යුතු විය.
ඒ වෙනුවෙන් වැය වූ මුදල රජු ගෙවිය යුතුය. එහෙත් පෘතුගීසීන් විසින් භුක්තිවිදින ලද කුරුඳු වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය ලන්දේසිනට පැවරිය යුතු විය.
පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කර හෝ ප්‍රතිසංස්කරණය කර ලන්දේසි හමුදා නැවැත්වීමට රජු එකඟ විය. එහෙත් මේ කොන්දේසියේ 'උඩරට රජුගේ කැමැත්ත පරිදි' යනුවෙන් සඳහන් කොටස රජුවෙත තිබූ ගිවිසුම් පිටපතේ ඇතුළත්ව තිබූ නමුදු ලන්දේසීන් සතු පිටපතේ එය ඇතුළත්ව නොතිබුණි.
මතභේද ඇතිවූයේ මේ වගන්තිය මතය. අනෙක් මතභේදය ඇතිවූයේ යුද වියදම් පිළිබඳවය. ගිවිසුම් ප්‍රකාර ලන්දේසීන් දරණ යුද වියදම් උඩරට රජු ගෙවිය යුතුය. එහෙත් ඒ සඳහා ගෙවිය යුතු ගණන් හිලව්ද ලන්දේසීන් විසින් ඉදිරිපත් නොකෙරුණි.

පසුව ඒ සඳහා අතිවිශාල මුදලක් ගෙවිය යුතු යැයි දැන්වීය. එහෙත් ඒ මුදල ගෙවීමට රජුට හැකියාවක් නොවීය.
එනිසා පෘතුගීසීන්ගෙන් අල්ලාගත් පහත රට ප්‍රදේශ ලන්දේසීන් විසින් උඩරට රජුට නොදී තමන් යටතේම පවත්වාගෙන ගියේය. රජුගේ විරෝධතා පැණ නැගුණි. එහෙත් ලන්දේසි සිය යටත් ප්‍රදේශවල බලය පිහිටුවීමට යුහුසුළු විය. මේ අනුව එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරයෙකු පත්කළ අතර ඔහු බතාවියේ පාලක මණ්ඩලයේ උපදෙස් පරිදි කටයුතු කළ යුතු විය.
ලන්දේසි අල්ලාගත් ප්‍රදේශවල සිය හමුදා බලය යොදා විනාශ කිරීමේ ප්‍රතිපත්තියක් රජු අනුගමනය කළේය. මෙයින් ලන්දේසි බලය මුහුදුබඩ පෙදෙස් වලට සීමා කරන්නට රජුට හැකිවිය.
එහෙත් 1659 දී ඔවුන් ආර්ථික වශයෙන් වැදගත් වූ කල්පිටිය වරාය අල්ලා ගත්තේය. 1664 වන විට මුහුදුබඩ පෙදෙස්වල සිය බලය ස්ථාවර කර ගැනීමට ඔව්හු සමත් වූහ. එහෙත් පෘතුගීසීන්ට මෙන් විශාල ප්‍රදේශයක් ඔවුන්ට හිමි නොවුණි.