ලන්දේසින් පැමිණෙන විට ලංකාව තුළ පෘතුගීසි පාලන ප්‍රදේශ හා උඩරට රාජධානියට අයත් ප්‍රදේශ වශයෙන් පාලන ක්‍රම දෙකක් ක්‍රියාත්මක වනු දැකිය හැකිය.
ලන්දේසීන් ලංකාවට පැමිණෙන විට ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පාලනය කරනු ලැබුයේ පෘතුගීසීන් විසිනි. ඊට....
1. ගාලු මුවදොර මාපාණේ දොරටුවේ සිට වලවේ ගඟ දක්වා වෙරළාසන්න විහිදුණු මුහුදුබඩ තැනිතලා ප්‍රදේශය අයත් මාතර දිසාවනියද,
2. වර්තමාන සබරගමු පළාතද, බස්නාහිර පළාතෙන් කොටසක් ද අයත් වූ සබරගමු ද්සාවනිය ද,
3. ඊට උතුරින් පිහිටි සතර කෝරළේ දිසාවනියද
4. වන්නි සීමාව දක්වා විහදුණු සත් කෝරළේ දිසාවනියද
5. යාපන රාජ්‍යයට අයත් වූ ප්‍රදේශයන්ගෙන් ද යුක්ත විය.
1623 දී ත්‍රිකුණාමලය ද, 1623 දී මඩකලපුව ද පහර දී අල්ලාගෙන ඒවායේ බලකොටු ඉඳිකළ බැවින් නැගෙනහිර වෙරළේ තිබූ ප්‍රධාන වරායන් දෙක ද උඩරට රජුට අහිමි විය. එහෙත් දෙවන රාජසිංහයන් රජවීමත් සමඟ මේ තත්ත්වය වෙනස් විය.
උඩරට රාජ්‍යය යටත් කර ගැනීමට සටන් වැදුණ ද මේ වන විට එම සටන්වලින් පරාජය වී තිබුණි. ඔවුන් සතුව තිබූ කන්ද උඩරට පෙදෙස්වලට ආසන්න ගම්මාන බොහොමයක් ද දෙවන රාජසිංහ රජුගේ බලයට යටත්ව තිබුණි. එපමණක් ද නොව පෘතුගීසි සතු ප්‍රදේශවල කැරැලි ඇතිකරමින් අස්ථාවර කර තිබුණි.
1638 දී දියෝගද මේලෝ කස්ත්‍රෝ විසින් සිය උපදේශක සභාවේ ද උපදෙස් නොතකා මෙහෙයවූ ආක්‍රමණයෙන් දරුණු පරාජයක් අත්විය. එහෙයින් ලන්දේසීන් ලංකාවට පැමිණෙන විට දෙවන රාජසිංහයන් විසින් පෘතුගීසි පාලනය අන්ත දුර්වල තත්ත්වයකට පත්කොට තිබුණි. උඩරට රාජ්‍ය තුළ ප්‍රබල දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා තිබුණි.
එහෙත් පෘතුගීසීන් දිවයිනෙන් පලවා හැරීමට නම් නාවික බලයට අභියෝගයක් කළ හැකි නාවික බලයක් හිමි ජාතියකගේ සහාය අවශ්‍ය විය. පළමුවන රාජසිංහයන්, පෘතුගීසි බලය කොළඹ කොටුවට සීමා කිරීමට හැකි වුවද ඔවුන් දිවයිනෙන් පලවා හැරීමට නොහැකි වූයේ නාවික බලයක සහායක් ලබාගත නොහැකි වූ බැවිනි.
වෙළඳ කටයුතු වලට මැදහත් වීම විනා ප්‍රදේශ ආධිපත්‍යයකට මැදිහත් නොවනු ඇතැයි සිතූ දෙවන රාජසිංහයන් කුරුඳු වෙළඳාම පිළිබඳ අයිතියත් එක් වරායක් පමණක් ලබාදීමට එකඟවෙමින් ලන්දේසීන් සමඟ ගිවිසුමකට එකඟවිය.
