පුනරුදය දේශපොලනය හා දේශපාලන චින්තනයේ ද ප්‍රබල වෙනස්කම් ඇති කරණු දැකිය හැකිය. නව වැඩවසම් ආර්ථිකය මත ගොඩනැගුණු ක්‍රිස්තියානි පූජකයන්ගේ චින්තන ආධිපත්‍යද බිඳ වැටෙන්නට පටන් ගත්තේය. එතෙක් පැවති දේවවරම් වාදය "රජු දෙවියන්ගේ නියෝජිතයාය" යන මධ්‍යතන යුගයේ දේශපාලන අදහස් නිමාවට පත්කරමින් ජාතික රාජ්‍යයනට සුදුසු පරිදි, ජාතික රාජ්‍ය සංකල්පය ශක්තිමත් වන ලෙස නව දේශපාලන දර්ශනයක් ගොඩනැගෙනු දැකිය හැකිය. මෙම නව දේශපාලන දර්ශනය ජනතාවට හඳුන්වා දුන් දේශපාලන චින්තකයන් කීප දෙනෙකු වේ.
නිකලෝ මැකියාවලී (1469-1527)
ක්‍රිස්තියානි චින්තකයින් සිය ආගමික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආගම අවියක් කරගත් සමයක මැකියාවලීගෙන් සිදු වූ ප්‍රධාන දායකත්වය නම් පළමුවරට දේශපාලනය ආගමෙන් වෙන්කර හඳුනා ගැනීමට ගත් උත්සහායයි. ඔහුට අනුව පාලකයකුගේ මූලික අරමුණ විය යුත්තේ රාජ්‍ය බලය ලබාගැනීම, වර්ධනය කර ගැනීම සහ ව්‍යාප්ත කිරීම යන කරුණු පිළිබඳ සැලකිලිමත් වීමයි.
මැකියාවලීගේ අරමුණ වූයේ මිනිසුන් සදාචාර සම්පන්න කිරීම හෝ යහපත් සමාජ ක්‍රමයක් බිහිකිරීම නොවේ. ඔහු උත්සාහ ගන්නේ ජන සමාජයක් පාලනය වන්නේ කෙසේ ද, එවැනි පාලනයක් තුළ ජනතාව ජීවත්වන්නේ කෙසේද යන්න පරීක්ෂාකර එබඳු සමාජ ක්‍රමයක් සාර්ථකව පාලනය කිරීමට රාජ්‍ය පාලකයනට උපදෙස් දීමයි.

The Prince නම් කෘතිය තුළින් මැකියාවලී විග්‍රහ කරන්නේ මෙයයි. මෙයට ඔහු ජීවත් වූ ඉතාලියේ සමකාලීන දේශපාලන, ආර්ථික, සාමාජික පරිසරය බෙහෙවින් බලපා ඇත. මුලු මහත් ඉතාලියම එක්සත් කළ හැකි පාලන තන්ත්‍රයක් ගැන විමසන මැකියාවලී.........
ඒකාර්යය ඉටුකළ හැක්කේ සිංහයකු මෙන් නිර්භීත වූත් හිවලෙකු මෙන් කපටිවූත් ශක්ති සම්පන්න රාජ කුමාරයකුට පමණක් යැයි පවසයි. මේ කර්තව්‍යයට මුල පුරන මෙන් ලොරෙන්සෝ ඩී මෙඩිස් කුමාරයාට ආරාධනාකරන මැකියාවලී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ද සපයමින් "කුමාරයා" ග්‍රන්ථය ඔහුට පිළිගන්වයි.
මැකියාවලීගේ මෙම අදහස් තියුණු විචාරයට මෙන්ම දෝෂදර්ශනයට ලක්විය. ඔහු වරෙක රාජ්‍ය තාන්ත්‍රික ලෙස ද, වරෙක රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස ද සිරගත කරණු ලැබීය. ඔහුට නිදහස ලැබෙනුයේ දේශපාලන කටයුතු වලින් ඈත්ව ජීවත්වන බවට පොරොන්දු වීමෙනි. ඔහු ජීවිතයේ ඉතිරි කාලය පොතපත ලිවීමෙන් ගත කළේය.
ජින් බොඩැන් (1530-1596)
ප්‍රංශ දේශපාලන චින්තකයෙකි. වෘත්තීයෙන් නීතිඥවරයෙකි. මැකියාවලීට පසු ප්‍රංශයේ පැවැතුණු සමාජ, ආර්ථික, දේශපාලන, පරිසරය පදනම් කරගෙන ජාතික රාජ්‍ය පිළිබඳ අදහස් ඉදිරිපත් කළේ්‍ය. ඔහු ජීවත් වූ පරිසරය මැකියාවලීගේ දේශපාලන අදහස් හැඩ ගැස්වීමේලා බලපෑ පරිසරයට වඩා ගුණාත්මක වශයෙන් වෙනස්ය.
ජින් බොඩැන් 1576 දී ප්‍රකාශයට පත් කළ Six books on the State කෘතියෙන් ඉදිරිපත් කළ ප්‍රධානතම සංකල්පය ස්වාධිපත්‍යය පිළිබඳ සංකල්පයයි. එමගින් ඔහු දේව වරම් වාදයට එරෙහිව කරුණු දක්වන අතර පාලකයා හා පාලිතයා අතර සම්බන්ධතාවය ඔස්සේ දේශපාලන අවනත භාවය පිළිබඳ ගැටළු විග්‍රහ කරයි.
ඔහුට අනුව ස්වාධිපත්‍යය යනු නීතිය මගින් සීමා නොකරණු ලැබූ පුරවැසියන්ට හා යටත් වැසියන්ට ඉහළින් පවතින උත්තරීතර බලයකි. නීති නිර්මාණය කිරීම ස්වාධිපත්‍යයේ ප්‍රධානතම කාර්යයි. රාජ්‍යයේ සියලුම වැසියන් එම නීතියට අවනත විය යුතුය. ස්වාධිපත්‍යය සීමාකළ නොහැක. බෙදිය නොහැක. රාජ්‍යය පවතින තුරු එය පවතී.
ඔහුට අනුව හොඳම ආණ්ඩුව රාජාණ්ඩුවය. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුද දෝෂ දර්ශනයට ලක් කරයි. පසුකාලීන දේශපාලන චින්තනය හැඩ ගැස්වීමේලා ජින් බොඩැන්ගේ අදහස් බෙහෙවින් බලපා ඇත. එමෙන්ම ප්‍රංශයේ පැවැති ආගමික ගැටුම් අවම කර දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමට ද හේතුකාරක වී ඇත.
තෝමස් හොබ්ස් (1588-1679)

බ්‍රිතාන්‍ය ජාතික දේශපාලන චින්තකයෙකි. මොහු විසින් 1651 දී එළිදැක්වූ 'ලෙවියතාන්' නම් දේශපාලන කෘතියට හිමිවනුයේ වැදගත් තැනකි.
මිනිසුන් සම්මුතියක් තුළින් ආණ්ඩු පිහිටුවන බවත් සියළුම බලය හා අධිකාරිය ස්වාධිපත්‍යයට පවරනවා යන්න මෙම කෘතියෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන අදහසයි. "සමාජ සම්මුති න්‍යාය" වශයෙන් මෙය හැඳින්වේ. මෙවැනි දර්ශනයක් ගොඩනැගීමට හොබ්ස්ට බලපෑවේ එවක එංගලන්තයේ පැවැති සමකාලීන සමාජ, දේශපාලන වාතාවරණනයයි.
සිවිල් යුද්ධ හේතු කොටගෙන බ්‍රිතාන්‍යයේ නීතිය හා සාමය බිඳී තිබුණි. අනෙක් පැත්තෙන් වාණිජ පංතියේ නැගීමද සිදුවෙමින් පැවතුණි. එහෙයින් මේ පරිසරය තුළ වියවුල් විසදීමට අසහාය පාලකයකු අවශ්‍ය විය. රජුගේ බලය වර්ධනය කිරීමකින් තොරව මෙයට විසදුම් සෙවිය නොහැක. මෙම න්‍යාය හොබ්ස් ඉදිරිපත් කරනුයේ ඊට ප්‍රතිකර්මයක් වශයෙනි.