ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්
 

ගුරුත්වාකර්ෂණ නියමය සොයාගත්තේ මෙතුමාය. මීට අමතරව කලනය. ද්විපද ප්‍රමේය, ආලෝක වර්ණාවලිය, දර්පන දුරේක්ෂය, ගතිකය පිළිබඳ නියමයන් ද සොයාගනු ලැබුයේ අයිසෙක් නිව්ටන් විසිනි. 1687 දී සිය සොයාගැනීම් පිළිබඳ Principia කෘතිය එළිදැක්වීය. 1704 දී එළිදැක්වූ ආලෝකය හා දුරේක්ෂය කෘතිය මෙතුමාගේ විද්‍යා ග්‍රන්ථ අතර වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරෙකු වූ නිව්ටන් නයිට් පදවියෙන් ද පිදුම් ලැබුවේය.

(c) Shilpa Sayura Foundation 2006-2017