නූතන පර්යේෂණාත්මක විද්‍යාවේ ආදි කර්තෘවරයා ය. ගණිතය හා භෞතික විද්‍යාව ක්‍ෂේත්‍රයන්හි සොයා ගැනීම් රැසක් කළ ඉතාලි ජාතික විද්‍යඥායෙකි.
ඒ ගැලිලියෝ ගැලිලි පීසා ආසන දෙව්මැදුරේ දේශනයකට සවන් යොමා සිටි අවස්ථාවක් විය. දෙව්මැදුරේ සිවිලිමේ එල්ලා තිබූ පහන සුළඟට අනුකූලව හෙළවෙන බව දුටු හෙතෙම නාඩි මත අත තබාගෙන පහන ඒ මේ අතට යන අතරතුර කාලය පරීක්ෂා කළේය. පහන කෙතරම් වේගයෙන් පැද්දුන ද ඒ අතට මේ අතට යන වේලාව එක සමාන බව නිරීක්ෂණයෙන් දැනගත් ගැලිලියෝ අවලම්භනය පිළිබඳ නියමය ලොවට හෙළි කළේය. එවිට ඔහු විසිහත් වියේ පසුවිය.
ජලයේ දී බර මැනීමට උපයෝගි කර ගන්නා ද්‍රවස්තිත තුලාව නිර්මාණය කළේ ද ඔහුය. 25 වියේ දී පීසා විශ්වවිද්‍යාලයේ ගණිතය පළිබඳ මහාචාර්ය ධූරයට හෙතෙම පත්විය. පෘතුවියට පතිත වන වස්තූන්ගේ ඒකාකාර වේගය පිළිබඳ නියමය ලොවට හෙළි කළේ මෙකලය. බරින් වෙනස් එකම වර්ගයේ වස්තූන් දෙකක් එකම මටිටමක සිට බිම හෙළනු ලැබූ විට බරවැඩි වස්තුව ඉක්මනින් බිමට පතිත වෙයි යන්න එකළ පිළිගත් මතය විය. ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද මෙම මතය ගැලිලියෝගේ නව සොයා ගැනීම නිසා අනාථ විය.
මෙතුමා සොයාගත් උපකරණ අතර උෂ්ණත්වමානය, සමානුපාතික කවකටුව, පරාවර්ථන දුරේක්ෂය වේ. චන්ද්‍රයා කදු මිටියාවත් වලින් සෑදුණු ග්‍රහ වස්තුවක් බව හෙළි කළේය. ක්‍ෂිරපථය ගැන ද එවකට තිබූ මතය බැහැර කළේ්‍ය. 1610 දී බ්‍රහස්පතීගේ පරිචාර ග්‍රහයන් හතර දෙනා ද සොයාගනු ලැබීය. මෙම මතයන් හේතුවෙන් සාම්ප්‍රදායික මත දැඩිලෙස දෙදරුම් කෑවේය. පල්ලිය කිපුණි. පූජකවරු විරෝධය පෑහ. සම්ප්‍රදායක මතධාරීන් උදහස් වුණි. එහෙයින් ඒ ගැන කතාකිරීම හෝ ලිවීම නවත්වන ලෙසත් නොඑසේව මතුවන තත්ත්වයනට මුහුණ දීමට සූදානම් වන ලෙසත් පාප්වහන්සේ ගැලිලියෝට අණ කළහ. ගැලිලියෝ වසර හතකට නිහඬ කෙරුණි.

යළිත් සිය පර්යේෂණවල නිරතවීමට අවස්ථාව ලැබුණේ ටස්කනියේ මහාදිපාදවරයාගේ පෞද්ගලික ගණිත විද්‍යඥායා හා දාර්ශනිකයා ලෙස පත්වීමෙන් අනතුරුවය. 1632 දී ගැලිලියෝ "ප්‍රධාන පද්ධති පිළිබඳ සංවාදය" කෘතිය පළ කළේය. පල්ලිය යළි කිපුණි. ගැලිලියෝ දිවි ඇතිතෙක් සිරදඬුවමකට යටත් කෙරුණු නමුත් අයහපත් සෞඛ්‍යය තත්ත්වය නිසා දඬුවම ලිහිල් කෙරුණි.
වසර 350 ක් ගෙවීගිය තැන 1979 වසරේදී දෙවන ජෝන් පෝල්පාප්වහන්සේ ප්‍රකාශයක් කරමින් "රෝමානු කතෝලික පල්ලිය ගැලිලියෝ ගැලිලි දෝෂාරෝපණයට ලක්කරමින් ගත් නිගමනය වරදක් විය හැකිය" පැවසීය.