ජොහැන්ස් කෙප්ලර් (1571-1630)
 
ජර්මන් ජාතික තාරකා විද්‍යඥායෙකි. ග්‍රහ චලිතය පිළිබඳ මෙතුමා කළ අධ්‍යයනය තාරකා විද්‍යාවේ ප්‍රබල පෙරළියක් ඇති කළේ්‍ය. සූර්යයා වටා ඉලිප්සාකාර පථවල ග්‍රහයන් ගමන් කරන බව ඔහු හෙළි කළේය. කොපර් නිකස්ගේ මතය වූයේ සූර්යා වටා ග්‍රහයන් භ්‍රමණය වන්නේ වෘත්තාකාර පථවල බවය. 

තමා විසින් කරන ලද පර්යේෂණ ඇතුළත් කොට "විශ්වයේ අභිරහස්" නමින් කෘතියක් එළි දැක්වූ කෙප්ලර් ග්‍රහ චලිතය පිළිබඳව නියමයන් තුනක් ඉදිරිපත් කර ඇත. කෙප්ලර්ගේ නියමයන් ලෙස මෙය හඳුන්වනු ලබයි.

1. සෑම ග්‍රහලෝකයක් ම සූර්යා වටා ඉලිප්සාකාර පථයක එක් නාභියක සූර්යයා සිටින සේ ගමන් කරයි.
2. සූර්යයා කෙරෙන් ග්‍රහයකු කරාඅදින ලද දෛශික අරය සෑම සමාන කාලප්‍රාන්තරවලදීම සමාන ක්‍ෂේත්‍රඵලයක් කපයි.
3. සෑම ග්‍රහයකුගේම පරිභ්‍රමණය කාලයන්හි වර්ග සූර්යා හා එම වස්තුව අතර මාධ්‍යය දුරෙහි ඝනයට අනුලෝම ලෙස සමානුපාතිකය. 

ඔහු විසින් ඉදිරිපත් කරන ලද නියමයන්ගේ වැදගත්කම අද පවා නොඅඩුව පවතී. De Cometis නමින් වල්ගා තරු පිළිබඳ කෘතියක් පළකළ කෙප්ලර් 1627 දී 'Rudolphian Tables' නමින් වගු පිළිබඳ පොතක් ද පළ කළේය. ලඝු ඝනක වගුවක් එහි අගට එක්කර තිබුණි. ගණනය සඳහා ඔහු ලඝු ගණක යොදාගනු ලැබ ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017