රූපාවතී දේවිය.
 

පොළොන්නරුව රාජධානිය කොට ගත් ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි පළමුවැනි පරාක්‍රමබාහු රජු. එතුමාගේ අග මෙහෙසිය වූ රූපාවතී දේවි මෙරට එක්‌සේසත් කිරීමෙහිත් කෘෂි කර්මාන්තය දියුණු කිරීමෙහිත් පරාක්‍රමබාහු රජු ට නිබඳ සහයෝගය දැක්‌ වූ වීර වරියකි.

වෙසෙසින් නැණවත් ධාර්මික කුල කාන්තාවක්‌ වූ රූපා දේවිය නැටුමෙහි මෙන්ම ගායනයෙහි ද අතිශය දක්‌ෂ වූවාය. ශාසනික සම්බන්ධ කටයුතු ඉතා උවමනාවෙන් ඉටුකළ මෙතුමි ය භික්‌ෂූන් වහන්සේ ලා සදහා විශ්‍රාම ශාලාවක්‌ ද කරවී ය.

පොළොන්නරුව නගර මධ්‍යයයේ චෛත්‍යයක්‌ ද කරවූ මැය ඒ රූපාවතී චෛත්‍යය නමි. ප්‍රිය මනාප ගති පැවතුම් වලින් හා පති භක්‌තියෙන් අගතැන් ශ්‍රේෂ්ඨතම කුල කාන්තාවක්‌ වශයෙන් රූපාවතී දේවිය ගෞරවයෙන් සිහිපත් කටයුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017