පුනරුදයෙන් පසු සංවර්ධනය
 
1. විද්‍යාව හා තාක්ෂණය

පුනරුදය විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කෙරේද බලපෑවේය. 

* ස්වභාවික විද්‍යාව
* භූගෝල විද්‍යාව
* ආකාශ වස්තු විද්‍යාව, හැදෑරීමට මෙකල බොහෝදෙනා පෙළඹුනාහ. න්‍යායයට සීමා නොවූ මොවුහු ඒ ඔස්සේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු මෙහෙයවූහ. ඒ හෙතුවෙන් නව නිර්මාණයන් රැසක් මෙලොවට දායාද කිරීමට හැකිවිය. එවැන්නන් අතර ලියනාඩෝ ඩාවින්චි, නිකලස් කොපර්නිකස්, ජොහැන්ස්කෙප්ලර්, ගැලිලියෝ ගැලිලි, අයිසෙක් නිව්ටන් ආදීහු වෙසෙසින් සඳහන් කළ යුතු විද්‍යඥායින් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017