යුරෝපයේ වැඩවසම් ක්‍රමය පැවති සමයේ ජනතාව පක්ෂ පාතීත්වය දැක්වූයේ රදලයන්ටය. රජු නාමමාත්‍රික විය. එම පාලඔන ඒකකය රාජ්‍යය වශයෙන් ද හැඳින්විය නොහැක. ඒවා හැඳින්විය යුත්තේ ප්‍රදේශයක, නගරයක ජීවත්වන ප්‍රවේනි ඒකක ලෙසිනි. ඒවා එක් ප්‍රදේශයකට නගරයකට පමණක් සීමාවිය.
කුරුස යුද්ධ හේතු කොටගෙන රදලබලය බිඳවැටීමත් සමඟ රජු ප්‍රබල වන්නට විය. පල්ලියද ඔවුනට එරෙහිව නැගී සිටියහ. එහිදී බලබිඳ ඔවුහු සිය බලය වර්ධනය කර ගත්හ. අනතුරුව ඔවුහු විශ්චිත දේශසීමාවක් තුළ එකම භාෂාවක් කතා කරන, එකම සංස්කෘතියකට හිමිකම් කියන ගෝත්‍ර කීපයක් එක්සත්ව නව දේශපාලන ඒකකයක් ගොඩනගා ගත්හ. එසේ ගොඩනගාගත් ඒකකය ජාතික රාජ්‍ය ලෙස හැඳින්වේ.

* ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල රජු වටා කේන්ද්‍රගත වීම.
* ජාතිකත්වය මුල්වීම.
* වංශාධිපතීන්, රදල නායකයන් වෙනුවට නැගී ආ මධ්‍යම පංතියෙන් උපදේශකයන් පත්වීම.
* ලබාගනු ලබන සේවාවන් වෙනුවෙන් ඉඩම් වෙනුවට වැටුප් ගෙවීම.
* ඒ හේතුකොට ගෙන වෘත්තීමය නිලධාරි පැලැන්තියක් බිහිවීම.
* ස්ථීර යුද හමුදාවක් තිබීම.
* සමස්ත රාජ්‍යයටම පොදු වූ නීති පද්ධතියක් තිබීම.
* වෙළඳ කටයුතු සඳහා ඒකීය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.
* රජය ආර්ථික කටයුතු වලට මැදිහත් වීම හා පාලනය කිරීම.
ජාතික ආණ්ඩු බිහිවීම ඇරඹෙනුයේ එංගලන්තයෙනි. 15 වන සියවස වනවිට එංගලන්තය හා ස්පඤ්ඤය ද 17 වන සියවසේ ප්‍රංශය ද 18 වන සියවසේ මැද භාගය වනවිට ඉතාලිය හා ජර්මනිය ද ජාතික රාජ්‍යය ගොඩනැගීමේ කාර්යය අවසන් කරනු දැකිය හැකිය.