15,16 වන සියවස්හි යුරෝපයේ කලාශිල්ප, සාහිත්‍යය, විද්‍යාව යන ක්‍ෂේත්‍රයන් තුළ ඇති වූ පිබිදීම පුනරුදය වශයෙන් හැඳින්වේ. 14 වන සියවසේ මැද භාගයේ ඉතාලියෙන් ඇරැඹි මෙය පසුව ප්‍රංශයට ද, එංගලන්තයට ද ඇතුලු මුළු යුරෝපය පුරාම පැතිර ගියේය.
මධ්‍යකාලීන යුගය අවසන් වී නූතන යුගයේ අරම්භය සනිටුහන් කරන මෙම සුවිශේෂි කඩඉමෙන් පසුව යුරෝපයේ ආගමික, දේශපාලනික, ආර්ථික හා සාමාජීය වෙනස්කම් රැසක් සිදුවිය. එම තත්ත්වය පිළිබඳව මෙහි දී අවධානය යොමු කරමු.
............................................................................................................
ආගමික ප්‍රතිසංස්කරණ
මීට පිළිතුරු දෙනු වෙනුවට පල්ලිය කළේ ඔහු පල්ලියෙන් නෙරපීමය. ලූතර් එම ලියවිල්ල පුලුස්සා දැමීය.
ශුද්ධ වූ රෝම අධිරාජයා ඔහු රාජ සභාවට කැඳවා සිය අදහස් ඉල්ලා අස්කර ගන්නා ලෙස දැන්වීය. එම ඉල්ලීම ද ලූතර් ප්‍රතික්ෂේප කළේය.
............................................................................................................
ආගමික ප්‍රතිසංස්කරණ
පුනරුදයෙන් පසු ආගමික ක්‍ෂේත්‍රය පුළුල් ලෙස වෙනස්කම් රැසකට භාජනය විය. පුනරුදයට පෙර පල්ලියේ ප්‍රධානියා වූ පාප්තුමා දෙවියනට පමණක් දෙවැනි, මහාබල, හානුභාවසම්පන්න, මහේශාක්‍ය පුද්ගලයකු විය. ඔහු අතින් වැරදි සිදු නොවේ. එහෙයින් ඔහුට යටහත් පහත්ව කීකරුව සිටිය යුතු අතර ඔහුට විරුද්ධව වචනයක් වුව ප්‍රකාශ කිරීම මහා පාපයක් කොට සැලකුණි. ක්‍රිස්තුස් වහන්සේගේ චාම් අව්‍යාජ අධ්‍යාත්මික මාර්ගයෙන් බැහැර වූ හෙතෙම......
* ලෞකික සැප සම්පත් විදින කුමර ජීවිතයක් ගත කළේය.
* ජනතාවගේ බදු මුදල් අයකරන මහාධන කුවේරයෙක් වූයේය.
* ඔහුට පව් සමාකළ හැකි වූ අතර පව් සමාකිරීම මුදලට ද විකුණුවේය.
* දේශපාලන කටයුතුවලට සහභාගි වූවා පමණක් නොව යද්ධ හා කුමන්ත්‍රණවලට ද සහභාගි වූයේ ය.
නැගී ආ ජාතික රාජ්‍යවලට මෙය තර්ජනයක් විය. එබැවින් පල්ලිය සතු වූ ආර්ථික බලය උදුරාගත යුතු විය.
අනෙක් අතින් පුනරුදය නිසා ඇති වූ නව චින්තන රටාවද මෙම තත්ත්වය ප්‍රශ්න කරන්නට විය. ලෞකික සැප සම්පත් විදිමින් බලය හසුරුවනු ලබන මේ අසහාය පුද්ගලයාගෙන් පවා ප්‍රශ්න කරන්නට විය. ඔව්හු බයිබලය අධ්‍යයනය කලා පමණක් නොව එහි එන තත්ත්වයනට නව නිර්වචන ද ඉදිරිපත් කළහ. තම මත ප්‍රකාශ කරමින් නව සංස්කරණ පළ කළහ. නව තෙස්තමේන්තුව නම් තමන්ගේ බසින් පළ කළහ. මුද්‍රණ ශිල්පයේ දියුණුව ද මීට හේතු විය.

මේ අයුරින් පල්ලියේ බලයට අභියෝග කරමින් ඊට නායකත්වය දුන්නේ ක්‍රිස්තුධර්මය පිළිබඳ හසල දැනුමක් ඇති ජර්මන් ජාතික පූජකවරයකු වූ දේවධර්මාචාර්ය මාටින් ලූතර්ය. මෙය ප්‍රොතෙස්තත්ත හෙවත් රෙපරමාදු නම් නව ක්‍රිස්තියානි නිකායක ආරම්භය ආරම්භය ද විය.
එය ආරම්භ වූයේ මෙසේය. රෝම පල්ලියට ආධාර ලබා ගැනීම පිණිස පව්සමා කිරීමේ පුන්‍යඵල පත්‍ර විකිනීමේ ව්‍යාපාරයක් ජර්මනියේ දියත් කෙරුණි. මාටින් ලූතර් මීට එරෙහිව වගන්ති 95 කින් යුතු ලේඛනයක් විටෙන්බර්ග් දේවස්ථානයේ දොරටුවේ ඇලෙව්වේය.
මීට පිළිතුරු දෙනු වෙනුවට පල්ලිය කළේ ඔහු පල්ලියෙන් නෙරපීමය. ලූතර් එම ලියවිල්ල පුලුස්සා දැමීය.
ශුද්ධ වූ රෝම අධිරාජයා ඔහු රාජ සභාවට කැඳවා සිය අදහස් ඉල්ලා අස්කර ගන්නා ලෙස දැන්වීය. එම ඉල්ලීම ද ලූතර් ප්‍රතික්ෂේප කළේය.
අනතුරුව ඔහු සිරභාරයට නියම වූ නමුත් ජර්මනියේ පැවති දේශපාලන සමාජ තත්ත්වය හේතු කොටගෙන එම නියෝගය ද ක්‍රියාත්මක කළ නොහැකි විය.
ලූතර්ගේ ඉගැන්වීම තර්කානුකූල විය. ක්‍රිස්තු සභාව සංවිධානය කළ යුතුය යන ස්ථාවරයට ලැබුණු ප්‍රතිචාරය ඉහළ එකක් විය. ඉන්පසු ලූතර්ගේ නායකත්වයෙන් ජර්මන් ප්‍රොතෙස්තන්ත නිකාය පිහිටවනු ලැබීය. අනතුරුව මෙය රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත ගැටුමක් බවට පත්විය.
ලූතර්ගේ ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය ජර්මනියට පමණක් සීමා නොවීය. ස්විට්සර්ලන්තයේ උලර්චි ස්විංග්ලි, ප්‍රංශ ජාතික ජෝන් කැල්වින් එය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. එංගලන්තය මෙහි ප්‍රබල මධ්‍යස්ථානයක් විය. රෙපරමාදු ප්‍රතිසංස්කරණ ක්‍රිස්තු සංවිධානයේ වෙනස්කම් කිරීමට පමණක් නොව ජනතාවගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇති කිරීමට හේතු කාරක විය. දේශපාලන, ආර්ථික අංශයේ ද ප්‍රබල වෙනසක් ඇති කළේය.

මීට එරෙහිව ව්‍යාපාරයක් දියත්වනු දැකිය හැකිය. එය හැඳින්වූයේ ප්‍රති රෙපරමාදු ව්‍යාපාරය නමිනි. මෙයට නායකත්වය දෙනු ලැබුවේ ඉග්නේෂන් ලොයෝලාය. පාප්තුමාගේ අවසරය පරිදි ජෙසුයිට් නිකාය පිහිටුවමින් ඔහු මේ කාර්යයේ නිරතඑ විය.
මේ අතර පාප් සංස්ථාව ද කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් විය. එතුළින් ප්‍රොතෙස්තන්ත වාදීන් අභියෝගයට ලක්කළ කරුණු සැලකිල්ලට ගෙන ප්‍රතිසංස්කරණ කීපයක්ම සිදුකරනු ලැබීය. මෙයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු දැකිය හැකිය.