ප්‍රාදේශීය පාලනය
 
උඩරට රාජධානිය කොට්ඨාශ 21 කින් සමන්විතය. ඉන් කොට්ඨාශ 12ක් දිසාවනිය. ඒ එක් එක් කොට්ඨාශ "දිසාව" (දිසාපති) වරයකු යටතේ පැවතුනි.

'රට'යනුවෙන් හඳුන්වන කොට්ඨාශ 09ක් විය. නුවරට ආසන්නව පිහිටි මෙම කුඩා කොට්ඨාශ "රටේ මහත්තයා" යනුවෙන් හඳුන්වන නිලධාරිවරයා යටතේ පාලනය කෙරුණි. ඔව්හු දිසාවේ වරුනට වඩා පහළ ශ්‍රේණියකට අයත් වූහ.

සෑම දිසාවකටම දිසාව විසින් පත්කරන ලද දිසාවේ මොහොට්ටාල, අතපත්තු මොහොට්ටාල හා කොඩිතුවක්කු මොහොට්ටාල නම් ප්‍රධාන නිලධාරින් තිදෙනෙකු විය. මේ අතර දිසාවේ මොහොට්ටාල ප්‍රධාන නිලධාරියා විය. දිසාවේ නැති විට දිසාවගේ බලතල ක්‍රියාවට නැගුවේ දිසාවේ මොහොට්ටාල විසිනි.

දිසාව කෝරාළවලටත් කෝරාළ පත්තුවලටත් බෙදා තිබුණි. මේ සෑම එකටම දිසාවේ මොහොට්ටාලගේ සුළු මුලාදෑනිහු වූහ. පත්තුවක් ගම් කීපයකින් සමන්විත වූ අතර ගමේ කටයුතු භාරව කටයුතු කළේ විදානේවරුන් විසිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017