මේ වන විට ගෙරිසමක් එලන තරමට බිම්කඩක් ඉල්ලූ පෘතුගීසීහු දිවයිනේ සතර දිශාවේ ම වරායවල් අල්ලා ගනිමින් කෝටිටේ රාජ්‍යය වංචනිකව සියතට ගනිමින් සීතාවක රාජ්‍යයේ කොටසක් ද යාපන රාජ්‍යය ද සියතට ගනිමින් උඩරට රාජ්‍යයට ද තර්ජනයක් ලෙසින් සිය බලය තහවුරු කරගෙන සිටියහ. සීතාවක රාජසිංහයන්ට ද පරංගියා මෙරටින් ඵලවා දැමීම අසීරු කරුණක් වූ අවදියක එම ඓතිහාසික කාර්යය ඉටුකිරීමේ වගකීම සියතට ගත්තේ දෙවන රාජසිංහයන් ය.
මෙතුමා 1635 දී උඩරට රාජ්‍යය බාරගත්තේය. 1636 ගන්නොරු සටනින් පෘතුගීසීන්ට අමතක නොවන සටනක් කළේය. පරංගීන් පරාජයේ මුවවිටටම ගෙනාවද පළමුවන රාජසිංහ රජුට ඔවුන් පරාද කිරීමට නොහැකිවූයේ ප්‍රමාණවත් මුහුදු බලයක් නොතිබුණු හෙයිනි. මේ තත්ත්වය තේරුම්ගත් රජු ලන්දේසීන් හා ගිවිසුමක් ඇතිකරගනුයේ පරංගි ඵලවා හැරීමේ සද්භාවයෙන් මිස විදෙස් එක් ජාතියක් ඵලවා හැර ඒ වෙනුවට වෙනත් ජාතියක් කැඳවා ගැනීමට නොවේ.
එහෙත් ගිවිසුම් ප්‍රකාරව කටයුතු සිදු නොවුණි. රජතුමා යුද වියදම් ගෙවුවද ලන්දේසි අල්ලා ගත් බලකොටු නැවත නොලැබුණි. එපමණක් ද නොව රජු යටතේ තිබූ පෙදෙස් ද අල්ලා ගත්තේය. අනතුරුව මුළු කාලයත්, ශක්තියත්, ධනයත්, ලන්දේසීන් ඵලවා හැරීමට යෙදවීය. 1670 දී ලන්දේසින් අපේක්ෂා නොකළ ආක්‍රමණයක් එල්ල කර ලන්දේසින් සතු විශාල ප්‍රදේශයක් උඩරට රාජ්‍යයට ඈදා ගත්තේය. මෙය අතිශය බිහිසුණු සටනක් බව මේ වන විට උඩරට රජුගේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් පවසයි.
මෙයින් පසු ලන්දේසින් රජු හා මිතුරු වීමට කැමති වු නමුත් රජු එය ප්‍රතික්ෂේප කළේය. එසේ වුවත් පසුකාලීනව රජු තරමක් ලිහිල් ප්‍රතිපත්තියක් ලන්දේසින් වෙනුවෙන් අනුගමනය කරනු දැකිය හැකිය. 1687 දී සිය පුත්‍රයාට රාජ්‍යය බාරදීමෙන් ටික දිනකට පසු රජු මියගියේය.

දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය (1687-1706) රජවිය. ඔහු දක්ෂ කාර්යශූර අයෙකු නොවීය. එහෙත් තම පියා උඩරට රාජ්‍යයට අත්කර දුන් පෙදෙස් එලෙසම පවත්වා ගෙන යාමට සමත් විය.
මොහුගෙන් අනතුරුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1706-1739) හෙවත් කුණ්ඩසාලේ කුමාරයා රජවිය. මත් වතුරට ස්ත්‍රීන්ට ලොල්වූවෙකි. "සෙල්ලම් නිරිඳු" යන නාමය ද මොහුට පටබැදුණි. දස්කොන් පෙම් හබයක පැටළුනේ මේ රජුගේ බිසවත් සමඟය. හෙතෙම සිංහල රාජවංශයේ අන්තිම රජතුමා ය.