පළමුවන විමලධර්මසූරිය (1592-1604)
  කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන්ට පාවාදී පවරා දෙද්දී, සීතාවක රාජ්‍යය පිරිහී බිඳ වැටෙද්දී පෘතුගීසීන්ට එරෙහිව ජයග්‍රාහිව ඉදිරියට එන බලවේගයක් උඩරටින් මතුවනු දැකිය හැකිය. මෙම ජයග්‍රාහි බලවේගයේ නිර්මාතෘවරයා වූයේ පළමුවන විමලධර්මසූරිය රජුය. 

එතුමා උපායශීලි රණකාමි, බුද්ධිමත් නායකයෙකු විය. සැබෑ යුග මෙහෙවරක් ඉටුකළ යුගපුරුෂයකු විය. යළිදු කිසිදිනක පෘතුගීසිනට පමණක් නොව ලන්දේසිනට ද යටත්කළ නොහැකි වූ, කුමන්ත්‍රණයකින් විනා යුද්ධයකින් ඉංග්‍රීසිනට ද යටත් කළ නොහැකි වූ රාජ්‍යයකට පදනම දැමූ දූර්දර්ශි පාලකයෙකු විය.

විමලධර්මසූරිය හෙවත් කොනප්පු බණ්ඩාර පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුතෙකි. සීතාවක රාජසිංහයන් වීරසුන්දර බණ්ඩාර වලක දමා මරවනු ලැබීය. කොනප්පු බණ්ඩාර වෙත ද රාජසිංහයන්ගේ උකුසු ඇස යොමු වූයෙන් කළ හැකි අන්කිසිවක් නොවූයෙන් කොළඹට පැන ගත්තේය. එහිදී පෘතුගීසි රැකවරණය ලැබ කොළඹින් ගෝවටද, ගෝවෙන් පැමිණ පෘතුගීසීන් යටතේ සේවය කරන්නට විය.

මේ අතර සීතාවක රජුගේ පාලනයට විරුද්ධව ගම්පොල රාජවංශයට අයත් දොන් ප්‍රැන්සිස්කෝ මුදලි කැරැල්ලක් දියත් කරනු ලැබීය. උඩරට කටයුතු වලට මැදිහත් වීමට පෘතුගීසීහු මෙය අවස්ථාවක් කරගත්හ. මේ සඳහා යොදාගත්තේ යමසිංහ බණ්ඩාර හා කොනප්පු බණ්ඩාරය. සෙංකඩගල පුරට පැමිණීමෙන් අනතුරුව පෘතුගීසීන් යමසිංහ බණ්ඩාර උඩරට සිහසුනට පත් කරණු ලැබීය. ගතවූයේ ටික දිනකි. යමසිංහ බණ්ඩාර පළවාහැර පෘතුගීසි හමුදා විසුරුවා හැර විමලධර්මසූරිය නමින් කොනප්පු බණ්ඩාර සෙංකඩගල රජවිය.

යළි උපන් රාජ්‍යය නැවත බිඳ දැමීමට සිතූ සීතාවක රාජසිංහ රජු උඩරටට එරෙහිව සටන් මෙහෙයවූ නමුත් විමලධර්මසූරිය රජුට ජයග්‍රහණය හිමිවිය. පසු බසින රාජසිංහ දෙවියන් සීතාවකට නුදුරු පෙතංගොඩ උයනේ දී උණකටුවක් ඇනී මරණයට පත්විය.

අනතුරුව 1594 දී පේරෝලෝප්ස්ද සූසාගේ නායකත්වයෙන් උඩරට ආක්‍රමණය මෙහෙයවීය. කරල්ලියැද්දේ බණ්ඩාරයන්ගේ දූහිතෘ කුසුමාසන දේවිය උඩරට රජ කරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය. මෙහිදී පේරෝලෝප්ස්ද සූසා ද ඇතුළු පෘතුගීසි භය කණ්ඩායම පරාජය කළ විමලධර්මසූරිය රජු කුසුමාසන දේවිය ද සරණ ගෙන උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල අයිතිය ද තහවුරු කරගත්තේය.

විදේශීය අධිරාජ්‍යයෙන් රටබේරා ගැනීමේ භාරදූර කාර්යය ද මෙතැන් සිට පැවරුණේ විමලධර්මසූරිය රජුටය. 1602 දී ද අසවේදෝ සෙනෙවියා ආක්‍රමණයක් මෙහෙයවී ද විමලධර්මසූරිය රජු විසින් පෘතුගීසීන් පරාජය කරනු ලැබීය.

මෙතුමා සතුරාට මුහුණදීමට සරිලන අයුරින් ආරක්ෂාව ද තර කළේය. ආර්ථිකය ශක්තිමත් කළේය. ජනතා විශ්වාසය රැක ගනිමින් කටයුතු කළේය. මෙරට පැවති සංස්කෘතික සමාජීය ලක්ෂණ තේරුම්ගෙන කතෝලික ආගම අතහැර බුදු දහම වැළඳ ගත්තේය. සබරගමුවේ දෙල්ගමුවේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේට දළදා මැදුරක් කරවා එහි තැන්පත් කළේය. බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් ගෙන්වා දීර්ඝකාලයක් අභාවයට යමින් තිබූ උපසම්පදාව යළි ඇති කළේය.

1604 උණ රෝගයක් සෑදී එතුමා මිය ගියේය. එහෙත් එතුමා උඩරට රාජ්‍යයට දැමූ ශක්තිමත් පදනම 1802 මාර්තු මස 02 දින තෙක් පුරා සියවස් දෙකක් පෘතුගීසී, ලන්දේසි, ඉංග්‍රීසි බලවේග තුනටම මුහුණ දෙමින් පැවතුනි.

විමලධර්මසූරිය රජුගෙන් පසු මහනුවර රජුවන්නේ ඔහුගේ ඥාති සොයුරු සෙනරත්ය. (1604-1635) සිහසුන ලැබීමට පෙර බෞද්ධ භික්ෂුවක වූ හෙතෙම විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව විවාහ කරගත්තේය. වරෙක පෘතුගීසි සමඟ ගිවිසුම් වලට එළඹෙමෙන් ද වරෙක සටන් කරමින් ද කටයුතු කළේය. උඩරටට එරෙහි රන්දෙනිවල සටනේදී පෘතුගීසි සමූලඝාතනය වූයේ මේ රජු සමයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017