ක්‍රි.පූ. 104 දී ලංකාවේ රාජ්‍ය විචාල වට්ට ගාමිනී කුමරුගේ අග මෙහෙසිය සොමා දේවිය නම් වේ. මේ සමයෙහි ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩයන් පස් දෙනෙකුගේ ග්‍රහණයට හසු වූ රජතුමා එයින් පලා යන්නට වූයේ බිසෝවරුන් සමඟ දෝලාවෙකිනි. එමැ අවශ්ථාවේ දෝලාවෙහි පිරිස වැඩි වූයෙන් පලායාම ප්‍රමාද වන්නට විය.
මෙසේ ප්‍රමාද වීමෙන් රජු හසුවේ යැයි සිතු සෝමා දේවිය රථයෙන් බැස රජතුමා ගේ පැන යාම පහසු කළාය. එක් ද්‍රවිඩයෙකු ඇය ඉන්දියාවට රැගෙන ගිය බවද සදහන් වෙයි. කෙසේ නමුත් වළගම්බා රජු නැවත මෙම දේවිය ගෙන්වාගෙන අගමෙහෙසි කොට ගත්තේ ය.
රාජ්‍ය ආක්‍රමණය කළ අවශ්ථාවක තම සවාමියා ගේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතය වු පරදුවට තැබූ සෝමා දේවිය ලංකා රාජාවලියේ වීර කාන්තාවක්මැ වන්නී ය.