සේනා සම්මත වික්‍රමබාහු (1469-1511)
  ගම්පොළ වික්‍රමබාහු රජුගේ මුණුපුරෙකු වූ සේනා සම්මත වික්‍රමබාහු උඩරට රාජ්‍යයේ නිර්මාතෘ වරයාණන් ය. සෙංකඩගලපුර හෙවත් වත්මන් මහනුවර සිය පාලන මධ්‍යස්ථානය කරගන්නා මෙතුමා සිදුරුවාන, බලනවිට, හාරසියපත්තුව, මාතලේ අටසිය පත්තුව, ඌව, වෙල්ලස්ස, ගම්පොළ, දොළොස්බාගේ, ත්‍රිකුණාමලය, මඩකලපුව යන ප්‍රදේශ සියතට ගනු දැකිය හැකිය.

මෙම රජුගෙන් අනතුරුව ඔහු පුත් ජයවීර බණ්ඩාර ද (1511-1551) ඉන් අනතුරුව එම රජුගේ පුත් කරල්ලියැද්දේ බණ්ඩාර ද (1551-1582) උඩරට පාලකයන් ලෙස කටයුතු කරණු දැකිය හැකිය.

සීතාවක රාජසිංහයන් උඩරට ආක්‍රමණය කර ගත්තෙන් කරල්ලියැද්දේ බණ්ඩාර සිය පවුලේ සාමාජිකයන් ද සමඟ පෘතුගීසීන් වෙත පලායන්නට විය. අතරමඟදී වසූරිය සෑදී රජු හා බිසව මිය ගියේය. දියණිය කුසුමාසන දේවිය හා බෑණා කෙනෙකු වූ යමසිංහ බණ්ඩාර පෘතුගීසීන් වෙත ගොස් බෞස්තීම ලබා ඔවුන් යටතේ හැදී වැඩුණාහ.
(c) Shilpa Sayura Foundation 2006-2017