ආරම්භයේ දී උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට, හාරිස්පත්තුව යන කන්ද උඩ පස් රට නමින් හැඳින්වෙන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති රාජ්‍යය වශයෙන් හඳුන්වනු ලබයි.
මනහර කඳුවළල්ලකින් වටවූ, සුවිශේෂි භූගෝලීය පරිසරයකින් යුත්, සුවදායි දේශගුණයකින් හෙබි, ගලගෙදර, බලන කපලු වැනි ගිරිදුර්ග හේතු කොටගෙන සුරක්ෂිත වූ, වන දුර්ග, පංකදුර්ග (මඩවගුරු) නිසා සතුරන්ට වින කැටූ ස්වභාවික ආරක්ෂිත පවුරුවලින් යුතු රාජධානියකි.
කෝට්ටෙන්, සීතාවකින්, පමණක් නොව පිටරැටි පෘතුගීසි, ලන්දේසි මෙන්ම 1815 මාර්තු මස 2 වන දින තෙක් ඉංග්‍රීසීන්ට ද යටත් කළ නොහැකි වූ....
ක්‍රි.පූ. 544 වසරේ සිට පුරා අවුරුදු 2359 ක් තිස්සේ රැකගෙන ආ සංස්කෘතිය, සදාචාරය, දේශීය අනන්‍යතාවය රැකගනුවස් සියවස් තුනක් තිස්සේ අභීතව සටන් වැදුණු ජාතියක ඉතිහාසය සනිටුහන් කරන්නාවූ....රාජධානියකි.
