ප්‍රංශ ජාතිකයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීම
  ඉංග්‍රීසි ජාතිකයන් මෙන්ම ප්‍රංශ ජාතිකයන්ද වයඹ දිගින් චීනයට යෑමේ මාර්ගයක් සෙවීමේ උත්සුක විය. මෙම කාර්යයේදී මූලිකව කටයුතු කළේ ප්‍රංශ ජාතික දේශ ගවේෂකයෙකු වූ ජෙක්වින් කාටියර්ය. එම ගමනේ දී උතුරු ඇමරිකාවේ වෙරළ දක්වා යාත්‍රා කළ ඔහුට ශාන්ත ලෝරන්ස් ගඟ සොයා ගත හැකි විය. මෙම කාර්යය ඔහු ඉටුකර ගත්තේ 1535 දීය. හෙතෙම ඒ ආශ්‍රිත පෙදෙස නව ප්‍රංශය යැයි නම් කළේ්‍ය.

ප්‍රංශ ජාතික චැම්ප්ලේන් මාක්විටේ ක්ව්බේක් ප්‍රදේශය සොයා ගත්තේය. කැනඩාවේ ප්‍රංශ ජනපද පිහිටුවීම සඳහා ඔහුගෙන් නොමඳ සේවයක් ඉටුවුණි. 1573 දී ජොයිලට් විසින් මිසිසිපි මිටියාවත අත්කර ගත්තේය. ද ලා සලේ මිසිසිපි ගංගා මුවදොර මහාවිල් සහ ඔහයෝ නිම්නය තෙක් පැතිර පැවති ප්‍රදේශය ප්‍රංශ රජුගේ නාමයෙන් අත්කර ගෙන (1682) දී එම ප්‍රදේශය ලුවිසියානා යැයි නම් කළේය. 

ප්‍රංශ ජාතිකයනට ඇමරිකා මහාද්වීපය තුළ ජනපද පිහිටුවීමේ දී ඇතැම් දේශීය ජන කොටස් වලින් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ද තර්ජන එල්ල විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද පිහිටුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් අතර ඇති වූ සත් අවුරුදු යුද්ධයේ දී බ්‍රිතාන්‍ය නාවික බලය හමුවේ ප්‍රංශය පරාජයට පත් වූයෙන් ප්‍රංශය සතු බොහෝ පෙදෙස් ඇයට අහිමි විය. 1763 දී අත්සන් කළ පැරිස් ගිවිසුමෙන් ඔවුන්ට අයත් වූයේ නිව්පවුන්ලන්තය අසල දූපත් දෙකක් පමණී. ප්‍රංශය සතුව පැවැති සියළුම ප්‍රදේශ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු විය.
(c) Shilpa Sayura Foundation 2006-2017