ස්පඤ්ඤ ජාතිකයන්ට ඇමරිකාවට ලඟාවීමට මඟ හෙළි කළේ ස්පඤ්ඤ- යුදෙව් මූලයකින් පැවත එන ක්රිස්ටෝපල් කොළොම්බස් ය. ඒ දීර්ඝ හා දුෂ්කර ගමනකින් පසු 1492 ඔක්තෝබර් 2 දා බහමා දූපතට ළඟා වීමෙනි. එම ගමනේ දී හයිට් සහ කියුබා යන දිවයින් ද යටත් කර ගත්තේය. අනතුරුව ඒ ප්‍රදේශවලට ගමන් වාර තුනක් ගිය කොළොම්බස් කැරිබියන් දූපත් රැසක් ද සොයා ගත්තේය. තමන්ට මෙම කාර්යය සඳහා අනුග්‍රහය දැක්වූ ස්පඤ්ඤයේ පර්ඩිනන් හා ඉසබෙලා රාජකීය යුවලට එම දූපත් සියල්ලේ ම අයිතිය පවරණු ලැබීය.
කොළොම්බස් හෙළි කළ මඟ ඔස්සේ ඉදිරි ගවේෂණ කටයුතු කළ ඇමරිගෝ වෙස්පූසී නව මහාද්වීපය සොයාගනු ලැබීය. 1513 දී ස්පඤ්ඤ ජාතික වස්කෝ නියුනෙකි ද බල්බෝවා පැනමා පෙදෙස හරහා ගොස් ශාන්තිකර සාගරය ගවේෂණය කළේය. 1519 දී හැර්නැන්ඩෝ කෝටෙස් සොල්දාදුවන් ද සමඟ මෙක්සිකෝවට ගොඩබැස්සේය. එහිදී ඇස්ටෙක්වරු පරාජය කර මෙක්සිකෝවේ ආණ්ඩුකාර තනතුර සියතට ගත්තේය.
1553 දී ප්රැන්සිස්කෝ පිසරෝ දකුණු අප්‍රිකාවේ පීරූ ප්‍රදේශය ආක්‍රමණය කර එහි සිටි ඉන්කා ගෝත්‍රික පාලකයා පරාජය කළේය. ඉන්කා ගෝත්රිකයන්ගෙන් කෙනෙකු තෝරා රූකඩ පාලකයකු ලෙස පත්කරන්නට උත්සාහ කළ ද ඊට එරෙහිව ඔවුන් කැරැලි ගැසූවෙන් ඉන්කා ජාතිකයන් අතර සිටි දක්ෂයන් සියල්ලම ඝාතනය කළේය. අනතුරුව දේශීය ජනතාවට රන්රිදී ආකරවල වැඩ කරන්නට බලපම් කළ ද එයට ද උග්‍ර විරෝධයක් මතු විය.
අනතුරුව අප්‍රිකාවෙන් නීග්‍රෝ ජාතිකයන් ගෙන්වා ගැනීමට ස්පඤ්ඤ පාලකයන් පෙළඹුනහ. ස්පඤ්ඤ ජාතික මිෂනාරිවරු දේශීය ජනතාව යහමින් ක්‍රිස්තියානි ආගමට හරවා ගත්හ. එපරිද්දෙන් ස්පඤ්ඤය විසින් ඇමරිකා මහාද්වීපය තුළ විශාල අධිරාජ්‍යයක් ගොඩ නැඟීය.
අනතුරුව අප්‍රිකාවෙන් නීග්‍රෝ ජාතිකයන් ගෙන්වා ගැනීමට ස්පඤ්ඤ පාලකයන් පෙළඹුනහ. ස්පඤ්ඤ ජාතික මිෂනාරිවරු දේශීය ජනතාව යහමින් ක්‍රිස්තියානි ආගමට හරවා ගත්හ. එපරිද්දෙන් ස්පඤ්ඤය විසින් ඇමරිකා මහාද්වීපය තුළ විශාල අධිරාජ්‍යයක් ගොඩ නැඟීය.