පෙරදිගට පැමිණීමට කෙටි මඟක් සොයනු පිණිස අත්ලාන්තික් සයුර හරහා දේශ ගවේෂණ කටයුතුවල යෙදුණු කොලොම්බස් අත්ලාන්තික් සාගරයේ දූපත් රැසක් සොයාගැනීමට හැකිවිය. අනතුරුව ඔහු හෙළි කළ මඟ ඔස්සේ ඉදිරියට ගිය ඇමරිගෝ වෙස්පූසී ඇමරිකාව සොයාගනු ලැබීය. ඒ අනුව ඔවුහූ මෙතෙක් දැන සිටි ලෝකයේ බටහිර ඉම වූ පෘතුගාලයට බටහිරින් තිබෙන නව මහාද්වීපය දෙසට අවධානය යොමු කළහ.
ස්පාඤ්ඤය පමණක් නොව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, පෘතුගාලය යන රටවල් නව මහාද්වීපයේ පොළොව යට වූ රන් රිදී වැනි මහාධනස්කන්ධය සොයනු වස් එකිනෙකා හා තරඟ වදිමින් දේශගවේෂණ කටයුතුවල යෙදෙනු දැකිය හැකිය. එහි වූ දේශීය ජන කොටස් සමූල ඝාතනය කරමින් නව ජනපද පිහිටුවමින් තම බලය ගොඩනගනු දැකිය හැකිය.