ස්පාඤ්ඤ ජාතික හර්නැන්ඩු කෙටෙස් හා ඔහුගේ සොල්දාදුවෙක් 1519 දී මෙක්සිකෝ නිම්නයට එන විට එහි විල් තෙරක මැද පිහිටි දූපතක සුවිසල් මැදුරු, විචිත්‍ර දෙවොල්, පිරමිඩ හා දියමංකඩ තුනක් ඔස්සේ විහිදුණු අලංකාර නගරයක් දුටහ. ඒ අනෙකක් නොව ඇස්ටෙක්වරුන්ගේ අගනුවර වූ ටෙනොච්ටිලාන් ය. අද මෙක්සිකෝව නගරය යි.
ක්‍රි.ව. 1450 දී පමණ මෙක්සිකෝවේ මධ්‍ය නිම්නයේ පාලනය හිමිකරගෙන තිබූ ස්වදේශික ඇමරිකානු ශිෂ්ටාචාරයක් වන මෙය 'ටෙනොචිකා' නමින් ද හඳුන්වනු ලැබ ඇත. මොවුන්ගේ පාලනය සිදුවූයේ පූජකවරුන් අතිනි. මොවුන්ගේ පාලකයා 'මොන්ටෙසසුමා' නම් විය. දෙවියන් කීප දෙනෙකු ඇදහූ ඔවුහු මිනිස් බිලි පවා පිදූහ.
වනචාරි රණකාමි ඇස්ටෙක්වරු මෙක්සිකෝවට පැමිණියේ ක්‍රි.ව. 1200 දී පමණය. එකල තිබූ උසස් ශිෂ්ටාචාරයක් ආක්‍රමණය කර ඒවා තමන්ගේ බවට පත්කර ගත්හ.
ආර්ථික කටයුතු අතර වෙළඳාම ප්‍රධාන විය. එය හුවමාරු ක්‍රමය මත සිදුවිය. බඩුගෙන යාම සඳහා භාවිතා කළේ වහල්ලුය. ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන අතර ධාන්‍ය, ගම්මිරිස්, බෝංචි, දුම්කොළ, කපු ආදිය විය.
රූප මගින් අකුරු ලිවීම දැන සිටි ඔවුහු ආගමික දින හා ඓතිහාසික දින වාර්තා කිරීම සඳහා සංකේත කීපයක් ද භාවිතා කළහ. අලංකාර රෙදි වියූ ඔවුහු පියකරු වර්ණ යොදා රෙදි සායම් කළහ. මැණික් එබ්බූ ආභරණ පැළදූහ.
ස්පාඤ්ඤවරුන් එහි එන විට ඇස්ටෙක්වරුන්ගේ රාජ්‍යය වත්මන් මෙක්ෂිකෝවේ වැඩිකොටසක හා දකුණට ගෝතමාලාව දක්වාද ප්‍රදේශ අයත් විය. 1521 දී කොටෙක්ස්ගේ හමුදාව ඇස්ටෙක්වරුන් සතුව පැවැති ප්‍රදේශ සියතට ගත්තේය.