විහාර මහා දේවිය
 

අනුරාධපුර යුගයෙහි කැළණි ප්‍රදේශය පාලනය කළ කැළණි තිස්‌ස රජු ගේ දියණිය වූ දේවි කුමාරිය අභිමානවත් කාන්තාවකි. පිය රජුගේ යම් දෝෂයක්‌ නිසාවෙන් මුහුද රට තුළට ගලන්නට විය. මෙයින් රට බේරාගැනීමට නම් කුමාරියක මුහුදට බිළිවිය යුතු බවට අදහසක්‌ මතුවිය. මෙම කුමාරිය නිර්භය ව මෙම කාර්යය පිළිගත්තා ය.

ඒ වෙනුවෙන් සකස්‌ කළ ඔරුවෙක නැගුණු දේවි කුමාරිය මුහුදට යාත්‍රා වෙත්ම මුහුද ගොඩ ගැලීම ද නැවතුණු බව සැලවේ. මෙසේ දේවි රැගත් යාත්‍රාව ලංකාවේ දකුණූ ප්‍රදේශයේ ගොඩ බිමට ළඟා විය. මෙපුර රජකම් කළ කාවන්තිස්‌ස රජු ට මේ පුවත සැලවීමෙන් රජු පිරිවර සමඟ ගොස්‌ දේවි කුමරිය කැඳවා අවුත් අග මෙහෙසිය කොට ගත්තේ ය.

මෙ නයින් එතුමිය විහාර මහ දේවිය නමින් ප්‍රසිද්ධ වූවා ය. දුටුගැමුණු හා සද්ධාතිස්‌ස නමින් පුතුන් දෙදෙනෙකු බිහිකළ මෙතුමිය ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු වන තවත් කරුණෙකි දුටුගැමුණු චරිතය. දුටු ගැමුණු රජතුමා අනුරාධපුරය ජයගන්නට ගිය ගමනේ දී පවා සටන් පෙරමුණේ ගිය විහාර මහ දේවිය සැබැවින් ම ලංකාව එක්‌සේසත් කිරීමෙහිලා දැඩි කැපවීමෙකින් කටයුතු කළ වීර ධීර කාන්තාවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017