මායාවරු
ක්‍රි.පූ. යුගයේ මධ්‍යම ඇමරිකාවේ බිහි වූ මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ක්‍රි.ව. 200-900 අතර කාලයයි. ක්‍රි.ව. 1500 මුල් යුගයේ ස්පාඤ්ඤ ආක්‍රමණවලට ගොදුරු වී බිඳවැටෙන තෙක්ම ඔවුන්ගේ ශිෂ්ටාචාරය නොනැසී පැවතුණි.
වෙළඳාම හා ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය විය. නගර ආශ්‍රිතව වෙළඳාම් කටයුතු කළ අතර ගම්බද පෙදෙස්වල ගොවිතැන් කටයුතු කරණු දැකිය හැකිය. ඉරිඟු, තක්කාලි, බෝංචි, වගාකළ අතර කොකෝවා වෙළඳ භාණ්ඩ විය.
දියුණු නගර පාලනයක් වූ අතර 'ටිකාල්' යනුවෙන් හැඳින්වුණු විශාලතම මායානු නගරය වත්මන් ශ්වාතමාලාව පිහිටි ප්‍රදේශයේ පිහිටා තිබුණි. නක්‍ෂත්‍රය දැඩිව විශ්වාස කළ මොවුහු සූර්ය ග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇසුරෙන් අනාවැකිද පළ කළහ. ආගමික විශ්වාස අතර බිලි පූජාවලට විශේෂ තැනක් හිමි විය. සතුන් පමණක් නොව මිනිස්සු ද ඒ සඳහා යොදා ගත්හ.
ඇමරිකාවේ සිටි ජනතාව අතර ප්‍රථම වරට ලිවීමේ ක්‍රමයක් අනුගමනය කළේ මායාවරුය. දින දර්ශනයන්ද භාවිත කර ඇත. කුරුලු දඩයම ඔවුන් අතර ප්‍රචලිතව තිබුණ අතර ඒවා හිස් වැසුම් සඳහා භාවිත කර ඇත.