යුරෝපා ජාතීන් පැමිණි අවධියේ ඇමරිකාවේ විසූ ජනතාව
 
ඉන්කාවරු
දකුණු ඇමරිකාවේ පිරූහි විසූ ඉතා දියුණු ජන කොටසකි. ඔවුන් විසින් ගොඩනගන ලද ශිෂ්ටාචාරය ඉන්කා ශිෂ්ටාචාරය නමින් හැඳින්වේ. ඔවුන් විසින් ගොඩනගන ලද අධිරාජ්‍යය ඉන්කා අධිරාජ්‍යය ලෙස හැඳින්වේ.

ස්පාඤ්ඤ ජාතික ප්‍රැන්සිස්කෝ පිසාරෝ 1532 දී පේරුවලට එනවිට එම අධිරාජ්‍යය පැසිපික් වෙරළේ සිට අන්දීස් හරහා අත්ලාන්තික් වෙරළ තෙක් ද ඉක්වදෝරයේ පටන් දකුණු දිගට මධ්‍යම විලී දක්වා ද විහිදී තිබුණි. 

ඔවුන්ගේ අගනුවර කුස්කෝ ය. බස කෙච්ච ය. මුල්ම ඉන්කා රජු ක්‍රි.ව. 1200 දී පමණ විසූ මැන්කෝ කැසෙක් ය. 14 වන සියවසේ විසූ යහුවර්හුවතා, 15 වන සියවසේ විසූ යුපන්කවිපවකුටි වැදගත් අධිරාජ්‍යයක් වේ. 

ඔව්හු හිරු දෙවියන්ගෙන් පැවත එන්නේ යැයි විශ්වාස කළහ. ආර්ථිකය කෘෂිකාර්මිකය. අර්තාපල් හඳුන්වාදෙන ලද්දේ ඔවුන් විසිනි. දියුණු මාර්ග පද්ධතියක් විය. පාලනය ඒකාධිපති විය. අධිරාජයා අර්ධ දෙවියකු කොට සැලකුනි.

පිසාරෝ යනවිට එහි පාලකයා වූයේ අටාහුඅල්පාය. සත් අවුරුදු සිවිල් යුද්ධයකට ඔහු මුහුණ දී සිටියේය. ඉතා නින්දිත ලෙස අධිරාජයා මරා දැමූ පිසාරෝ ඔහුගේ හමුදාවත් ඉක්කාවරුන්ගෙන් විශාල පිරිසකුත් ඝාතනය කළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017