ඇමරිකාවේ ජනපද පිහිටුවීම
  පෘතුවියේ බටහිර අරිධගෝලයේ පිහිටි උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාව යන මහාද්වීප හා ඒ අතර පිහිටි උතුරු මධ්‍යම ඇමරිකානු රටවල්වලින් යුත් අතිවිශාල භූමිය ඇමරිකාව යනුවෙන් හඳුන්වනු ලබයි. උතුරින් අංශක 75 සිට දකුණේ අංශක 55 වන තෙක් විශාල මෙම භූමිය වර්ග කිලෝ මීටර් 42,000,000කි. වර්ග සැතපුම් 16,000,0000කි.

ස්පාඤ්ඤයේ පර්ඩිනන්ඩි සහ ඉසබෙලා රාජකීය යුවලගේ අනුග්‍රහය යටතේ 1492 අගෝස්තු මස 3 වන දින ක්‍රිස්ටෝපල් කොලොම්බස් අලුත් මුහුදු මාර්ගයක් සොයා ගැනීමේ අරමුණෙන් එවකට කිසිම තොරතුරක් නොදැනසිටි අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කිරීමක් ආරම්භ කළේ ය.

1492 ඔක්තෝබර් 02 දින බහමා දිවයිනට ලඟා වූ කොළොම්බස් සිතුවේ තමා ඉන්දියානු වෙරළට ළඟා වූ බවය. එහෙයින් හෙතෙම එහි වැසියන් ඉන්දියාණුන් යැයි හැඳින්විය. එම ගමනේ දී ඔහු හෙයිටි හා කියුබා දිවයින ද සොයා ගත්තේය. අනතුරුව ඒ ප්‍රදේශයට ගමන් වාර තුනක් ගිය කොළොම්බස් කැරිබියන් දිවයින් කීපයක්ම සොයාගත්තේය.

ඔහුගේ සොයාගැනීම් ඔස්සේ ඉතාලි ජාතික දේශගවේෂකයෙකු වූ ඇමෙරිගෝ වෙස්පූවී 1497-1501 අතර කාලයේ තවදුරටත් ගවේෂණය කළේය. ඇමරිකාවේ නැගෙනහිර වෙරළ ඔස්සේ ගවේෂණය කරද්දී අලුත් භූමියක් ඔහු නෙත ගැටුණි. කොළොම්බස් සිතූ පරිදි මෙය ඉන්දියාව නොව වෙනත් අලුත් ප්‍රදේශයක් බව ඔහු නිගමනය කළේය. එබැවින් ඔහු මෙම භූමිය 'නවලෝකය' ලෙස හැඳින්විය.

අලුතින් ගවේෂණය කළ එම ප්‍රදේශය ද ඇතුළත් කොට 1507 දී නව ලෝක සිතියමක් සකස් කළ ජර්මන් ජාතික භූගෝල විද්‍යඥයකු වූ වොල්ඩිසී මූලර් නව මහාද්වීපය ඇමරිගෝ වෙස්පුසීගේ නමේ මුල් කොටස ගෙන ඇමරිකා මහාද්වීපය ලෙස නම් කළේ එම සොයාගැනීම් වලට ගෞරවයක් වශයෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017