1597 දී කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන් යටතට පත්වන විට එහි පැවතියේ නීති රීති හා සිරිත් විරිත් පදනම් කරගත් රාජාණ්ඩුක්‍රමයකි. එම පාලනයේ ප්‍රධානියා රජු වූ අතර ඔහු සතුව පැවති ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබුවේ නිලධාරි පැලැන්තියක විසිනි.
පෘතුගීසීහුද තමනට වාසිදායක වන අයුරින් ඉහළ මට්ටමේ ඇතැම් වෙනස්කම් කීපයක්ද කරමින් එයම ඉදිරියට පවත්වාගෙන ගියහ.
මෙම ක්‍රමය ඒ අයුරින් ම ඉදිරියටත් පවත්වාගෙන යනු ලැබුවේ සිය දේශපාලන හා ආර්ථික අපේක්ෂා වියදමකින් තොරව ඉටුකර ගැනීමට ඉවහල් වූ හෙයිනි.
ඒ වන විට කෝට්ටේ රාජ්‍යය දිසාවෙහි 4කට බෙදා තිබුණි.
1. මාතර
2. සබරගමුව
3. සතර කෝරළේ
4. සත් කෝරළේ, වශයෙනි.
දිසාවක් පාලනය කරණු ලැබුවේ දිසාවේ විසිනි. දිසාවනිය තුළ අනෙක් නිලධාරින් පත්කළේ දිසාවේ විසිනි.
දිසාවේ සතු රාජකාරි
* යුක්තිය පසිදලීම (මරණීය දණ්ඩනය දෙනු ලැබුවේ රජතුමා විසිනි)
* රජයේ ආදායම් රැස්කිරීම
* රජයේ ආදායම් රැස්කිරීම
* අනිවාර්ය සේවා මගින් කාර්යාල හා ගොඩනඟිලි නඩත්තු කිරීම
* ගමනාගමනය සඳහා මංමාවත්, ඒ දඬු, තොටුපළ පහසුකම් සැලසීම
(දිසාවේගේ හමුදා කටයුතු මෙහෙයවූයේ මුදලි විසිනි)
පරිපාලන කටයුතු සඳහා දිසාවනිය....
කෝරළවලට ද
කෝරළ පත්තුවලට ද
පත්තු ගම්වලට ද බෙදා තිබුණි.
කෝරළගේ සහායට අතුකෝරළ, මොහොට්ටාල, කනකපුල්ලේ වැනි නිලධාරි විය.
* පෘතුගාලේ රජු ලංකාවේ පෘතුගීසී ප්‍රදේශවල රජු වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ නියෝජිතයා ලෙස මෙරට පාලන කටයුතු මෙහෙයවූයේ කපිතාන් ජනරාල්වරයාය.
* කපිතාන් ජනරාල්වරයාගේ කටයුතු ගෝවේ සිටි විසුරේගේ අධීක්ෂණය යටතේ සිදුවිය. ඒ නිසා පාලන කටයුතු පිළිබඳ ඔහු විසූරේට වාර්තා කළ යුතු විය.
* කපිතාන් ජනරාල්වරයා මෙරට පූර්ණ බලතල සහිත යුද හමුදා අණදෙන නිලධාරියා විය. යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ඔහුට අයත් කාර්යයන් අතර විය.
* සිවිල් පාලනයේ ප්‍රධානියා ද ඔහු විය. දිසාවේවරු ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් කපිතාන් ජනරාල්වරයාට වග කිව යුතු විය.
* දේශීය ක්‍රමය අනුව වික්‍රමසිංහ හෙවත් සේනානායක නම් නිලධාරියා යටතේ පැවති යුද හමුදා නායකත්වය පෘතුගීසි යටතේ කපිතාන් ජනරාල්වරයාට පැවැරුණි.
* මුලදී සිංහල දිසාවේවරු පෘතුගීසීන් යටතේ සේවයේ යෙදවූවද ඔවුන් ජනාදරයට පත් වූ අය වීම හේතු කොටගෙන පසුව ඒ තනතුරු සඳහා පෘතුගීසි නිලධාරින් පත් කරණු ලැබීය.
* මහබද්ද, කුරුවෙබද්ද, මඩිගෙබද්ද, කොට්ටල් බද්ද, පෘතුගීසීන් යටතේ අයකළ බදු අතර විය.
පෘතුගීසි පාලන සමය ලංකා ඉතිහාසයේ එක් ඛේදනීය සමයක් සනිටුහන් කළේය. එහෙත් ඔවුන් හඳුන්වාදුන් කතෝලික ආගම අදද ලක්දිව ප්‍රධාන ආගමක් ලෙස පවතී. එසේ ම කතෝලික දේවස්ථාන ආශ්‍රිතව ඔවුන් ආරම්භ කළ පැරිෂ් පාඨශාලා තුළින් ඇති වූ ආගමික පිබිදීම ද අමතක නොකළ යුතු ය.
එමෙන්ම ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පය, මූර්ති කලාව, අපරදිග සංගීතය වැනි සංස්කෘතික අංග මෙරට ලාංකීය සංස්කෘතිය පෝෂණය කිරීමට ඉවහල් වී ඇත. ඔවුන්ගේ භාෂාවෙන් සිංහලයට එක් වූ කනප්පු, කෝප්ප, කබා, කමිස, කලිසම්, ඇච්චාරු, සම්බෝල, දෝසි, සලාද, තෙම්පරාදු වැනි වචන අදද අපි භාවිතා කරමු.
