පෘතුගීසීන් උඩරට හා සබඳතා පවත්වනුයේ කලක් ගත වීමෙන් අනතුරුව ය.ඊට හේතු වූයේ කෝට්ටේ රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතුවලට සහභාගි වීමත් සීතාවක රාජ්‍යයෙන් එල්ල වූ තර්ජනවලට මුහුණදීමටත් සිදු වූ හෙයිනි.
එසේ වුවද 1582 දී රාජසිංහ රජු උඩරට අල්ලා ගැනීමත් සමඟ තත්ත්වය වෙනස් විය. එවකට උඩරට පාලකයා වූ කරල්ලියැද්දේ බණ්ඩාර පවිලේ සාමාජිකයින් ද සමඟ පෘතුගීසීන් වෙත පලායන්නට විය. ඒ අතර මගදී වසූරිය වැළදී රජු මිය ගියේය. දියණිය වූ කුසුමාසන දේවිය හා බෑණනුවන් වූ යමසිංහ බණ්ඩාර පෘතුගීසීන් වෙත ගියහ. දෝන කතරිනා හා දොන් පිලිප් යනුවෙන් බෞතීස්ම ලැබූ ඔවුහූ පෘතුගීසීන් යටතේ හැදී වැඩුණාහ.

මොවුන් හරහා තමන්ට අභිමත රාජ්‍යයක් උඩරට බිහිකිරීමට සිතමින් සිටි පෘතුගීසිහු සේනාවක් ද රැගෙන උඩරටට ගොස් යමසිංහ බණ්ඩාර සිහසුනට පත් කළහ. එහෙත් ටික දිනකින්ම ඔහු සමඟ පැමිණි කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්, යමසිංහ බණ්ඩාර පළවා හැර 1592 දී විමලධර්මසූරිය නමින් උඩරට රජවිය.
මෙය පෘතුගීසීන්ට ඉවසුම් නොදෙන්නක් විය. 1594 දී විමලධර්මසූරිය රජුට එරෙහිව කුසුමාසන දේවියට සිහසුන ලබාදෙන අරමුණෙන් පෘතුගීසි උඩරට ආක්‍රමණය කළහ. විමලධර්මසූරිය සෙංකඩගල නුවර හැර 'කඳු නැගී' සිටියෙන් පෘතුගීසීහු කුසුමාසන දේවිය උඩරට රැජින බව ප්‍රකාශයට පත් කළහ. පේරෝලෝපේස් ද සුසා මේ ආක්‍රමණය මෙහෙයවීය.
එහෙත් වැඩි කල් නොගොස් විමලධර්මසූරිය රජු දන්තුරේදී පෘතුගීසීන් සමූල ඝාතනය කළේය. කුසුමාසන දේවිය ද විවාහකරගෙන උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගත්තේය.
එහෙත් වැඩි කල් නොගොස් විමලධර්මසූරිය රජු දන්තුරේදී පෘතුගීසීන් සමූල ඝාතනය කළේය. කුසුමාසන දේවිය ද විවාහකරගෙන උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගත්තේය.
නැවත 1602 දී අසවේදෝ ගේ නායකත්වයෙන් උඩරට ආක්‍රමණය කළ නමුත් එය ද කෙළවරවූයේ විමලධර්මසූරිය රජුට ජය තහවුරු කරමිනි.
විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසුව සෙනරත් රජු උඩරට රාජ්‍යය බලයට පැමිණේ. 1630 දී ඔහු කළ සටනින් ද රන්දෙනිවල දී පෘතුගීසීන් පරාජයට පත්වූහ.
ඉන් අනතුරුව බලයට පත්වන දෙවන රාජසිංහ රජු ද පෘතුගීසි විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. එපමණක් නොව පෘතුගීසීන් පලවාහරිනු වස් ලන්දේසීන් සමඟ සබඳතා ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය.
මෙයින් කිපුන පෘතුගීසීහු දියෝගමේලෝ ගේ නායකත්වයෙන් දෙවන රාජසිංහ රජුට එරෙහිව උඩරට ආක්‍රමණය කළ ද, එහිදී දියෝගමේලෝ ඇතුළු පෘතුගීසී හමුදාවේ අවසන් සෙබලත් ඝාතනයට ලක්විය.
මෙයින් පැහැදිලි වන්නේ පෘතුගීසීන්ට පහසුවෙන් මුහුදුබඩ පෙදෙස් අල්ලා ගත හැකි වුවද වනදුර්ග, ගිරිදුර්ග, පංකදුර්ග වලින් යුතු කඳුරට ජයග්‍රහණය කිරීම සිහිනයක් වූ බවයි.
මෙයින් පැහැදිලි වන්නේ පෘතුගීසීන්ට පහසුවෙන් මුහුදුබඩ පෙදෙස් අල්ලා ගත හැකි වුවද වනදුර්ග, ගිරිදුර්ග, පංකදුර්ග වලින් යුතු කඳුරට ජයග්‍රහණය කිරීම සිහිනයක් වූ බවයි.