විජයබා කොල්ලයෙන් අනතුරුව සීතාවක රාජ්‍යය මායාදුන්නේ කුමරුට හිමිවිය. සොහොයුරන් අතර හොඳහිත වැඩි කලක් නොපැවතුණි. ඔවුනොවුන් අතර වූ බලඅරගලය හේතුවෙන් එකිනෙකා අතර ගැටුම් උග්‍රවිය. මේ අතර 1538 දී රයිගම්බණ්ඩාර මිය ගියේය. මායාදුන්නේ රජු එම ප්‍රදේශ ද සීතාවක රාජ්‍යය ඈදා ගත්තේය. මෙය බුවනෙකබාහු රජු හා මායාදුන්නේ රජු අතර මතභේද උග්‍ර වීමට හේතු විය.
මායාදුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයට ද එරෙහිව නැගී සිටියෙන් බුවනෙකබාහු රජු පෘතුගීසීන්ගේ සහාය පැතුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ රාජ්‍යයටත්, පෘතුගීසීන්ටත් පහරදීමේ ප්‍රතිපත්තියකට අවතීර්ණ විය. මායාදුන්නේ පුත් ටිකිරි බණ්ඩාර රණ ශූරයෙකු විය. ළදරු කාලයේ සිටම ටිකිරි කුමරුට වගකීම් පැවරූ මායාදුන්නේ රජු යන මඟ හෙළිපෙහෙළි කරදුන්නේය.

පෘතුගීසීන්ට එරෙහිව ඔහු සටන් වදිනුයේ රජ වීමටත් ප්‍රථමය. ඒ 1562 දී ය. පෘතුගීසි ලෙයින් මිල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවූයේ ඔහුය. මෙතරම් දරුණු පරාජයක් පෙරදිග රටකදී මීට පෙර කිසිදු විටෙක ඔවුන් අත් විද නොතිබුණි.
මායාදුන්නේ රජුගෙන් පසු පළමුවන රාජසිංහ නමින් සීතාවක රජ පත් වූ හෙතෙම පෘතුගීසි බලය කොළඹ කොටු පවුර තුළට සීමා කළේය. 1587/88 සිදු කළ මෙම සටනින් පෘතුගීසීන් බේරුණේ ගෝවෙන් හා කොචිං නුවරින් ආහාර හා යුද හමුදා එවූ බැවිනි.
1593 දී 1 වන රාජසිංහ රජු අපුත්‍රකව මියගියෙන් පැහැදිලිවන රජයට හිමිකම් කීමට කිසිවෙක් නොවීය. කොටසක් උඩරට රාජ්‍යයට හිමිකරගත් අතර ඉතිරි කොටස පෘතිගීසීන්ට නතුවනු දැකිය හැකිය.