ආර්ථික තත්ත්වය
කෘෂිකර්මය
කෝට්ටේ, උඩරට මෙන්ම යාපන රාජ්‍යයේ ද ආර්ථිකයේ ජීවනාලිය වූයේ කෘෂිකර්මය යි. ස්වයංපෝෂිත යැපුම් කෘෂිකර්මයක් මුලු දිවයින පුරාම පැවති අතර වී ගොවිතැන එහිලා මූලික විය. ඒ සඳහා වර්ෂා ජලය මෙන්ම වැව් ජලයද උපයෝගි කරගනු ලැබීය. පහත් බිම්වල සාමාන්‍ය ලියදි ක්‍රමයට වී ගොවිතැන කෙරුණු අතර උස්බිම්වල වී වගාකටයුතු කෙරුණේ හෙල්මළු ක්‍රමයටය. පඩි පේළියක ආකාරයටය.
ඒ ඒ පසට සුදුසු වී වර්ග පිළිබඳව මනා දැනීමක් ගොවියාට තිබුණි. ගොවි කටයතු කෙරුණේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් හා සාමූහිකවය. මේ ක්‍රමය හැඳින්වූයේ අත්කම් ක්‍රමය වශයෙනි. මී ගවයන් වගාකටයුතු සඳහා යොදා ගැණුනි. වී වගාවට සුදුසු නොවූ ප්‍රදේශවල අහස් වැස්සෙන් හේන් ගොවිතැන් කෙරුණි. එහිලා කුරක්කන්, තල, මෙනේරි ප්‍රධාන විය. ගෙවතු වගාව මුලු දිවයින පුරා ව්‍යාප්තව පැවතුණි. පොල්, පුවක්, අඹ හා වෙනත් පළතුරුද ඉඟුරු, දුරු, ගම්මිරිස් වැනි දෑ ගෙවතු වගාවන් අතර විය.
වෙළඳාම
දේශීය හා විදේශීය වශයෙන් දියුණු වෙළඳපොළක් මෙකල දැකිය හැක විය. මෙකල විදේශීය වෙළඳාම සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වූයේ කෝට්ටේ රාජ්‍යයයි. කුරුදු, පුවක්, ගම්මිරිස් වැනි කුළු බඩුද, ඇතුන් විකිනීමෙන්ද විශාල ආදායමක් රජයට ලැබුණි. මේ අතර මුතු මැණික් වෙළෙඳාම ද දියුණුව පැවතුණි. කෝට්ටේ රාජ්‍යය සතුව දියුණු වරායන් කීපයක්ද විය. කොළඹ, බේරුවල, ගාල්ල වරායන් ඒ අතර විය.

පිටරටින් ගෙන්වන ලද භාණ්ඩ අතර රෙදිපිළි ප්‍රධාන විය. සෙසු දේවල් අතර අශ්වයන්, විසිතුරු භාණ්ඩ විය. මුලු විදේශීය වෙළඳ ඒකාධිකාරයම මුස්ලිම් වෙළෙන්ඳන් සතුව පැවතුණි.
දේශීය වෙළෙඳපොළ බොහෝ විට භාණ්ඩ හුවමාරුව මත රඳා පැවතුණි. සීමිත මුදල් භාවිතයක් ද විය. ඒ සඳහා කහවනු, පනම යන මුදල් ඒකක භාවිතා විය. තොටුපළ හා වරායන්ගෙන් බදු අය කෙරුණි. වෙරළබඩ ප්‍රදේශවල මසුන් මැරීම බහුලව සිදුවිය. අතලොස්සක් දෙනා වන සතුන් දඩයම ද ජීවනෝපාය ලෙස කළහ. කලාත්මක හා අත්කම් භාණ්ඩ නිෂ්පාදනය වැදගත් ආර්ථික කටයුත්තක් විය.
සමාජ තත්ත්වය

කෝට්ටේ, උඩරට හා යාපනයේ අගනුවරවල් හා වරායන් ආශ්‍රිතව නාගරික කරණය වෙමින් පැවැති ජනතාවක් දැකිය හැකි වුව ද සමස්ථයක් ලෙස 16 වන සියවසේ මුලු ලංකාව පුරාම පැවතියේ 'ගම'ප්‍රධාන කොටගත් කෘෂිකාර්මික සමාජයකි. ගම් විවිධ ප්‍රමාණයෙ විය. ඇතැම් ගම් ගෙවල් දහයක් දොළහකින් සමන්විත වූ අතර ඇතැම් ගම්වල ගෙවල් සිය ගණනක් විය.
කුල ක්‍රමය සමාජයේ පදනම විය. ආවාහ විවාහ වලදී පමණක් නොව අන් සියලු කටයුතු වලදී ද කුලය ප්‍රධාන සාධකයක් විය. විවිධ සේවා හා රැකීරක්ෂා මත පදනම් ව පැවතුණි. බොහෝ විට එක් කුලයකට අයත් අය එක් ගමක ජීවත්වනු දැකිය හැකිවිය.
රජයට අයත් සේවා සඳහා ගෙවීම් කරනු ලැබුවේ ඉඩම්වලින් හා ඉඩම්වලින් ලැබෙන ආදායමෙන් කොටසක් පවරා දී මෙනි. අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම භික්ෂූන් අත පැවතුණි. පිරිවෙන ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානය විය.
ආගමික තත්ත්වය

කෝට්ටේ රාජ්‍යයේ මෙන්ම උඩරට රාජ්‍යයේ ද ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. හින්දු ආගම යාපන රාජ්‍යයේ ආගම විය. ආගම ජන ජීවිතය හා බැඳී පැවතුණ අතර ආගමික කටයුතු සඳහා නිතිපතා සිද්ධස්ථානවලට යෑම සිරිතක්ව තිබුණි.
දෙවියන් ඇදහීම, දෙවියනට බාර හාර වීම බහුල වශයෙන් සිදුවිය. විෂ්ණු, නාථ, විභීෂණ, කතරගම හා පත්තිනි දේවිය ද මෙකල ඇදහූ ප්‍රධාන දෙවිදේවතාවුන් වේ. බොහෝ විට දේවාල ද පන්සල් ආශ්‍රිතව ගොඩ නැගුණි. ආගමික නිදහස පුළුල්ව පැවතුණි.