විජයබා කොල්ලය
  හයවැනි විජයබහු රජු කෝට්ටේ රජ පැමිණියේ 1513 දී ය. හෙතෙම තම දෙවන විවාහයේ බිසවට පළමු විවාහයෙන් ලැබුණු සත් හැවිරිදි දේවරාජ කුමාරයා යුවරජකමට පත් කිරීමට සැලසුම්කර තිබුණි. මෙය දැනගත් රාජ්‍යයේ නියම හිමිකරුවන් වූ පළමු විවාහයේ බිසවගේ පුතුන් වූ බුවකෙකබාහු, රයිගම් බණ්ඩාර, සීතාවක මායාදුන්නේ එවකට උඩරට රාජ්‍යයේ පාලකයාව සිටි ජයවීර බණ්ඩාරගේ ද සහාය ඇතිව රජුට විරුද්ධව කැරැල්ලක් ගසා රජු මරවා රාජ්‍ය ලබා ගත්තේය.

1512 දී සිදු වූ විජයබා කොල්ලය නමින් හඳුන්වන මෙම සිද්ධියෙන් පසු කෝට්ටේ රාජ්‍යය කුමාරවරුන් තිදෙනා අතර තුනට බෙදුණි.

බාලකුමාරයා වූ මායාදුන්නේට සතර කෝරළේ හා දෙනව කෝරලය ඇතුළත් සීතාවක මද්දුම කුමාරයා වූ රයිගම් බණ්ඩාරට පස්දුන් වළල්ලාවිට හා රයිගම් කෝරළය ඇතුළු රයගම ද, වැඩිමහලු කුමාරයාවූ බුවනෙකබාහුට කෝට්ටේ හා මුහුදුබඩ තීරය ද ඇතුළත් කොර්ටේ රාජ්‍යය ද හිමිවිය. 

මේ රාජ්‍යය අතර ප්‍රධාන වූයේ කෝට්ටේ රාජ්‍යය නමුත් රාජ්‍යය තුනට බෙදීම හේතුවෙන් රාජ්‍යයේ ශක්තිය දුර්වල විය. ඒ හේතුකොට ගෙන පවතින තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් කෝට්ටේ රාජ්‍යයට ඇගිලි ගැසීමට පෘතුගීසිනට අවස්ථාව සැලසුණි.
(c) Shilpa Sayura Foundation 2006-2017