යාපනේ රාජ්‍යය
  ප්‍රබලව සිටින විට ප්‍රධාන රාජ්‍යයට පක්ෂපාතිව ද ප්‍රධාන රාජ්‍යය දුබල වනවිට ස්වාධීනව ද කටයුතු කළ යාපන රාජ්‍යයේ ඉතිහාසය 13 වන සියවස දක්වා දිවයයි.

යාපන රාජ්‍යයේ ඉතිහාසය දක්වන ප්‍රධාන මූලාශ්‍රය යාල්පාන වයිපවමාලයයි. යාල්පාන වයිපවමාලය සඳහන් කරන ආකාරයට 16 වන සියවස පමණ වන විට යාපන රාජ්‍යයේ ආර්යචක්‍රවර්තීවරු 12 දෙනෙකු රජකර ඇත. ආර්ය චක්‍රවර්තී යනු රජුගේ පුද්ගලික නාමය නොව පාලකයා හැඳින්වූ පොදුනාමයයි.

විජය කුලංකෙයි ආර්ය චක්‍රවර්තී පරපුරේ මුල්ම රජු විය. යාල්පානම් වයිපවමාලයට අනුව යාපන රාජ්‍යයේ අගනුවර නල්ලූර්ය. ස්වාධීනව කටයුතු කළ යාපන රාජ්‍යයේ වරෙක ගම්පොල රාජ්‍යයෙන් ද බදු අය කර ඇත. සවැනි පැරකුම් රජු (1415-1467) කෝට්ටේ රාජ්‍යයේ සිය බලය සුරක්ෂිත කිරීමෙන් අනතුරුව සිය සෙන්පති සපුමල් කුමරු යවා 1450 දී පමණ එවකට යාපනයේ පාලකයා වූ කනකශූරිය ශිගෛ ආරියන් රජු පරාජය කොට යාපන රාජ්‍යය ද සියතට ගනු ලැබීය. ඒ බව තොටගමුවේ සිරිරහල් හිමියන් සිය සැළලිහිණ සංදේශයේ ද සටහන් කළහ. 

පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපනය රාජධානියේ පාලකයා වූයේ සපුමල් කුමරු අතින් පැරදුණු ආර්යචක්‍රවර්තීන්ගේ පුත් පරරාජසේකරන්ය. 1619 යාපන රාජ්‍යය පෘතුගීසීන් යටතට පත්වන විට එහි පාලකයාවූයේ 1වන සංකිලිය.
(c) Shilpa Sayura Foundation 2006-2017