උඩරට රාජ්‍යය
  සෙංකඩගල පුර (මහනුවර) පාලන මධ්‍යස්ථානය කරගත් උඩරට රාජ්‍යය ඇරඹෙනුයේ ගම්පොල වික්‍රමබාහු රජුගේ මුණුබුරෙකු සේ සැලකෙන සේනාසම්මත වික්‍රමබාහු (1469-1511) රජුගෙනි. හෙතෙම කන්ද උඩරට කෝට්ටේ රාජ්‍යයෙන් මුදවා ස්වාධීන රාජ්‍යයක් බවට පත් කළේය. උඩරට රාජ්‍යය ස්වභාවික ආරක්ෂක පවුරුවලින් යුත් රාජධානියකි.

කෝට්ටෙන් සීතාවකින් ආක්‍රමණ එල්ල වුව ද ඉන් අනතුරුව බලයට පත්වන ජයවීර බණ්ඩාර (1511-1551) කරල්ලියැද්දේ බණ්ඩාර (1551-1582) යන රජවරුනට උඩරට රාජ්‍යය රැකගත හැකි වූයේ එහෙයිනි.


(c) Shilpa Sayura Foundation 2006-2017