මෙම වකවානුවේ කෝට්ටේ රාජ්‍යය ඉතා ප්‍රබල මෙන් ම විශාලතම රාජ්‍ය ලෙස සැලකේ. අලගක්කෝනාර ප්‍රභූවරයා විසින් බලකොටුවක් ලෙස ගොඩ නැගූ මඩවගුරුවලින් යුතු (පංක දුර්ගය පිහිටි) කෝට්ටේ (ශ්‍රී ජයවර්ධනපුර) නගරය පාලන මධ්‍යස්ථානය කරගනිමින් රාජධානියක් බවට පත් කළේ සවැනි පැරකුම්බා (1415-1464) රජතුමා විසිනි. කෝට්ටේ රාජ්‍ය සමයේ ස්වර්ණමය යුගය ද එය වෙයි. එසමයෙහි යාපන රාජ්‍ය පවා සවැනි පැරකුම්බා රජුගේ අණසකට යටත්ව තිබුණි.
අනතුරුව දෙවන ජයබාහු (1467-1469) සවන බුවනෙකබාහු (1469-1480) හත්වන පණ්ඩිත පරාක්‍රමබාහු (1480-1490) යටතේ මෙම රාජ්‍යය පාලනය විය. පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට මෙම රාජ්‍යය පැවතියේ අටවන වීර පරාක්‍රමබාහු (1490-1509) රජු යටතේ ය.
එකල එහි මායිම් වූයේ උතුරින් දැදුරුඔය දක්වාත්, නැගෙනහිර මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම හා බටහිරින් මහමුහුද දක්වාත් භූමි ප්‍රදේශයයි. එහි අගනුවර වූ ජයවර්ධනපුර පිහිටියේ කොළඹ සිට සැතපුම් 6ක් පමණ ගිණිකොණ දෙසෙනි. කෝට්ටේ රාජ්‍යයේ බලය මුලු සිරිලක පුරාපැතිර නොගියද තවමත් ප්‍රධාන රාජ්‍යය ලෙස සැලකුණේ කෝට්ටේ රාජ්‍යයයි.