16 වන ශතවර්ෂයේ ශ්‍රී ලංකාව
  16 වන සියවස උදාවන විට ලංකාව දේශපාලන වශයෙන් එක්සත් නොවූ රටකි. එය ප්‍රධාන වශයෙන් රාජ්‍යයන් තුනකට බෙදී පැවතිණි. එම රාජ්‍යයන් වන්නේ,

1. කෝට්ටේ රාජ්‍යය
2. උඩරට රාජ්‍යය
3. යාපනේ රාජ්‍යය

මීට අමතරව වන්නියාර් නමින් හැඳින් වූ සුළු ප්‍රදේශාධිපතියන් පාලනය කළ ප්‍රදේශ ද තිබුණි. 
වන්නි ප්‍රදේශවලට නිදසුන් ලෙස: වන්නිය, ත්‍රිකුණාමලය, යාල, මඩකලපුව, පාළුගම පුත්තලම, පානම ආදී ප්‍රද්ශ දැක්විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017