1884 ඔක්තෝබර් 20 වෙනි දා මීරිගම බෝතලේ ගම උපන් දොන් ස්ටීවන් සේනානායක මහතා 1890 වර්ෂයේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව රජයේ මිනින්දෝරු කාර්යාලයේ කණිෂ්ඨ ලිපිකරුවෙකු වශයෙන් පත්වීමක් ලබාගත්තේ නමුත් එයින් ඉවත් වී තම පියාගේ මිනිරන් පතලේ කළමණාකරුවෙකු ලෙස සේවය කළේය.
1910 දී විවාහ දිවියට පිවිසි මෙතුමා එතැන් පටන් සමාජ සේවා කටයුතු වල නියැලෙමින් 1912 වර්ෂයේ අමද්‍යප ව්‍යාපාරය ට එකතු විය. මේ තුළින් විශාල පිරිසක් මෙතුමා හා එක්විය. 1915 දී මෙරට හටගත් ජාති වාදි අරගලය හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස සිර භාරයට පත් වූ ඩී.එස්. මහතා සියළු චෝදනාවන්ගෙන් නිදහස් විය.
පසුව සර් පොන්නම්බලන් රාමනාදන් මහතාගේ නායකත්වයෙන් පිහිට වූ ලංකා ජාතික සංගමය මගින් මවුබිමේ නිදහස වෙනුයෙන් කටයුතු කළ මෙතුමා 1924 දී ව්‍යවස්ථාදායක සභාවට මීගමුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අතර 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මීනුවන්ගොඩ ආසනයේ නියෝජිතයා ලෙසින් ද නිතරඟයෙන් පත්විය.
1936 පැවැති මැතිවරණයෙන් ද නිතරඟයෙන් පත්වූ මෙතුමා ට එම අවශ්ථාවේ දී ඉඩම් ඇමති තනතුර ද පිරිනමනු ලැබීය. මෙහිදී රටේ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වූ ඩී.එස්. සේනානායක මහතා මින්නේරිය පොළොන්නරුව වැනි ප්‍රදේශ වල වාරි කර්මාන්තය නඟා සිටුවීමට දැඩි වෙහෙසක් දැරීය.
පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරමින් ජනපද පිහිටුවමින් මෙතුමා සිය දේශයටත් වැසියන්ටත් කළ සේවය අති උදාරය. මවු බිමේ නිදහස වෙනුවෙන් මනා කැපවීමෙකින් කටයුතු කළ මෙතුමා 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවමින් එහි නායකත්වයට පත්වෙමින් නිදහස් අරගලය මෙහෙයැවී ය.
එහි ප්‍රතිපලයක් වශයෙන් 1948 නිදහස ලැබීමෙන් පසුව මෙතුමා ලංකාවේ පළමු අගමැති තනතුරට පත්විය. 1952 මාර්තු 22 වෙනි දින අභාවප්‍රාප්ත වූ මෙතුමා ගේ නාමය අමරණීය වේ.