ඊ. ඒ. ගුණසිංහ මැතිතුමා
 

ඇලෙක්‌සැන්ඩර් ඒකනායක ගුණසිංහ මහතා කම්කරුවන් උදෙසා මහත් හඬක්‌ නැගි විරුවෙකි. 1891 වර්ෂයේ උපත ලැබූ මෙතුමා මහනුවර ධර්මරාජ විදුහලින් අධ්‍යාපනය ලැබ ගති. මුල් වරට ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබුව ද සමාජ සේවය බෙහෙවින් ඇලුම් කළ මෙතුමා 1922 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කම්කරු සංවිධායක්‌ බිහිකරනු ලැබී ය.

කම්කරු ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වශයෙන් කම්කරුවා වෙනුයෙන් පක්‍ෂයක්‌ ද පිහිට වූ මෙතුමා මෙරට පාලන තන්ත්‍රයට ද ඇතුළු වෙමින් කම්කරු අයිතිවාසිකම් කම්කරුවාට කියා දෙමින් එහි වරප්‍රසාද කම්කරුවාට ලබා දීමට මහත් වෙහෙසක්‌ දැරී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017