සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර
 

1884 ඔක්‌තෝබරයේ 13 වෙනි දින බලපිටිය රන්දොඹේ ගම උපන් කන්නන්ගර මහතා රන්දොබේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා උසස්‌ අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විදුහලින් ලබා ගති.

1901 වර්ෂයේ පැවති කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් උසස්‌ ලෙස සමත් වූ මෙතුමා 1906 වසරේ රිච්මන්ඩ් විදුහලෙහි ම ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1910 දී නීතිඥයෙකු වශයෙන් ද කටයුතු කොට1917 වර්ෂයේ රටේ පාලනයට පිවිසුණේ ය.

1923 දී ව්‍යවස්‌ථාදායක සභාවට ගාලු දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීවරයා ලෙසින් පත් වූ කනන්නන්ගර මහතා 1931 දී අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් තේරී පත්විය. දේශයේ අධ්‍යාපන කෙක්‍ෂ්ත්‍රය ට විශාල මෙහෙයක්‌ ඉටුකළ මෙතුමා නිදහස්‌ අධ්‍යාපනය තුළින් රටේ බලවත් වෙනසක්‌ ඇති කෙළේය.

පළාත් පාලන ඇමතිවරයා ලෙසින් ද සේවය කළ මොහු අධ්‍යාපන ක්‌ෂෙත්‍රයෙහි දියුණුව වෙනුවෙන් අනුස්‌මරණ සේවාවක්‌ ඉටු කළ වීර වරයෙකි. 1969 සැප්තැමබර් 23 මෙතුමා ගේ අභාවය සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017