කිසියම් කිරීමක්, වීමක්, විදීමක් ප්‍රකාශ කරන පද ක්‍රියාපදයි.
ක්‍රියා පදයක් සෑදෙන්නේ ධාතුවකට ප්‍රත්‍යයක් එකතු වීමෙනි. ධාතුවක් යනු ක්‍රියා පදයක මුල් අවස්ථාව හෙවත් ක්‍රියා මූලයයි.
ක්‍රියාපද වර්ග කිරීම.
1. ගනු කඩුව එනු සටනට 2. යන්න රට වටේ එන්න මා ප්‍රියේ
3. සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
.....................................................................................
ක්‍රියාපද වර්ග කිරීම.
01. විධි ක්‍රියා 02. ආශිර්වාද ක්‍රියා
03. අසම්භාව්‍ය ක්‍රියා 04. ප්‍රයෝජ්‍ය ක්‍රියා

05. පූර්ව ක්‍රියා 06. මිශ්‍ර ක්‍රියා
07. කර්ම ක්‍රියා 08. ත්‍රෛකාලික ක්‍රියා/අවසාන ක්‍රියා
.....................................................................................
විධි ක්‍රියාව:
කාල භේදයකින් තොර ව ආදරයෙන් හෝ අනාදරයෙන් හෝ කෙරෙන නියෝජනයක්, විධානයක් පළකිරීම සඳහා යොදනු ලබන ක්‍රියාව විධි ක්‍රියාව හෙවත් විධාන ආඛ්‍යාතයයි.
.....................................................................................
විධි ක්‍රියාව:
කාල භේදයකින් තොර ව ආදරයෙන් හෝ අනාදරයෙන් හෝ කෙරෙන නියෝජනයක්, විධානයක් පළකිරීම සඳහා යොදනු ලබන ක්‍රියාව විධි ක්‍රියාව හෙවත් විධාන ආඛ්‍යාතයයි.
1. ගනු කඩුව එනු සටනට 2. යන්න රට වටේ එන්න මා ප්‍රියේ
3. සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
.....................................................................................
ආශිර්වාද ක්‍රියාව:
කිසියම් ආශිර්වාදයක් හඟවන ක්‍රියාව ආශිර්වාද ක්‍රියාවයි. එම ආශිර්වාදය ඉෂ්ට අර්ථයක් හෝ අනිෂ්ට අර්ථයක් විය හැකි ය. "සුවපත් වේවා" මෙන් ම "හෙනවදීවා" යනු ද ආශිර්වාදයකි. එසේ ම ආශිර්වාදය නිතර අනාගත අර්ථයෙන් පවසන අතර එහි ගැබ්වන්නේ ප්‍රාර්ථනයකි.
ප්‍රථම පුරුෂ: ` සුවපත් වේවා, සුවපත් වෙත්වා
මධ්‍යම පුරුෂ: සුවපත් වෙහිවා, සුවපත් වෙහුවා
උත්තම පුරුෂ: සුවපත් වෙම්වා, සුවපත් වෙමුවා
1. සැරද මහරජ 2. සැරදේ මහරජ 3. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
.....................................................................................
අසම්භාව්‍ය ක්‍රියාව:

යම් ක්‍රියාවක් මගින් කාලයක් හෝ අවිනිශ්චිත බවක් හැඟවේ නම් එවන් ක්‍රියා අසම්භාව්‍ය ක්‍රියා වේ. අසම්භාව්‍ය ක්‍රියාවේ ප්‍රභේද දෙකකි.
1. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
2. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
01. කිසියම් ක්‍රියාවක නියම බවක් හෙවත් නිශ්චිත බවක් නොවේ නම් එය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවකි.
1. වැසි වැස්සොත් ගඟ ගලයි
2. ගෙදර ගියොත් අඹුව නසී
02. ක්‍රියාව මගින් යම් කාලයක් ප්‍රකාශ වේ නම් එය කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවයි.
සොරුන් ගෙය බිඳිද්දී බල්ලෝ බිරූහ.
මෙහි බිරීමේ කාර්යයත් ගෙය බිඳීමේ කාර්යයත් දෙක ම සිදුවී ඇත්තේ එක ම මොහොතක යි. එසේ ම බිරීමේ කාර්යය සිදුවන කාලය බිඳිද්දී යන්නෙන් ප්‍රකාශ වෙයි. එම නිසා "බිඳිද්දී" යන ක්‍රියාව කාලාර්ථයේ අසම්භාව්‍ය ගණයට ගැනේ.
.....................................................................................
ප්‍රයෝජ්‍ය ක්‍රියාව:
වෙනත් කෙනෙකු විසින් මෙහෙයවන ලද පුද්ගලයාගේ ක්‍රියාව ප්‍රයෝජ්‍ය ක්‍රියාවයි.
ගුරුවරයා ළමයා ලවා අකුරු ලියවයි.
මෙම වාක්‍යයෙහි "ලියවයි" යන ක්‍රියාව හා සම්බන්ධ වන කර්තෘවරු දෙදෙනෙක් වෙති. මෙම ක්‍රියාව සඳහා ශිෂ්‍යයා මෙහෙවයන්නේ ගුරුවරයා ය. මෙහෙයවීම ලබන්නේ ශිෂ්‍යයා ය. එම නිසා ප්‍රයෝජ්‍ය ක්‍රියාව සහිත වාක්‍යයක ක්‍රියාව මෙහෙයවන්නා "ප්‍රයෝජ්‍ය කර්තෘ" වන අතර මෙහෙයවීම ලබන්නා "ප්‍රයෝජ්‍ය කර්තෘ" ය. ශිෂ්‍යයා යනු ප්‍රයෝජ්‍ය කර්තෘ ය. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් තැනෙන විට ධාතුවටත් ප්‍රත්‍යටත් අතර "ව" ප්‍රත්‍ය යෙදේ.
1. ඇමතිවරයා සේවකයන් ලවා වැඩ කරවයි.
2. මම දරුවන් ලවා අභ්‍යාස කරවමි.
.....................................................................................
.....................................................................................
පූර්ව ක්‍රියාව:
අවසාන ක්‍රියාවට මුලින් සිදු කරන ක්‍රියාව පූර්ව ක්‍රියාවයි.
ළමයා දෙමාපියන් වැඳ පාසැල් ගියේය.
මෙම වාක්‍යයේ අවසාන ක්‍රියාව පාසැල් යෑමයි. ඊට මුලින් කළේ දෙමාපියන් වැඳීමයි. එම නිසා මෙහි වැඳ යන්න පූර්ව ක්‍රියාවයි.
ළමයා බුදුන් වැඳ බත් කා පාසලට ගියේ ය.
.....................................................................................
මම ගී කියමින් නටමි.
තවද, පූර්ව ක්‍රියා පදයක් ද්විත්ව වීමෙන් සෑදෙන්නේ ද මිශ්‍ර ක්‍රියාවකි.

මිශ්‍ර ක්‍රියා:
කර්තෘගේ අවසාන ක්‍රියාව හා මිශ්‍රව පවත්නා ක්‍රියාව මිශ්‍ර ක්‍රියාවයි.
මම ගී කියමින් නටමි.
මෙහි අවසාන ක්‍රියාව නැටීමයි. එහෙත් ගී කීමක් සිදුවූයේ නැටීමත් සමග යි. එම නිසා මෙහි කියමින් යන්න මිශ්‍ර ක්‍රියා පාදයකි.
තවද, පූර්ව ක්‍රියා පදයක් ද්විත්ව වීමෙන් සෑදෙන්නේ ද මිශ්‍ර ක්‍රියාවකි.
ළමයා නට නටා බත් කෑවේය.
.....................................................................................
.....................................................................................
ත්‍රෛකාලික ක්‍රියාව:
අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම වර නැගෙන ක්‍රියාව ත්‍රෛකාලික ක්‍රියාවයි. මෙම වාක්‍ය අවසාන ක්‍රියා නමින් ද හඳුන්වනු ලබයි.
1. ඔහු පාඩම් කොට නිදාගත්තේ ය.
2. රජතුමා දේවිය සමග උයනට යයි.
.....................................................................................
සිංහයා විසින් මුවා මැරෙයි.

කර්ම ක්‍රියා:
ක්‍රියාව කර්මයට භාරව ප්‍රකාශ වන්නේ නම් ඒ කර්ම ක්‍රියාවයි.
සිංහයා විසින් මුවා මැරෙයි.
සිංහයා විසින් මුවා මරනු ලබයි.
මෙම වාක්‍යයෙහි උක්ත වන්නේ මුවා යන කර්මය යි. එම නිසා මෙම වාක්‍යයෙහි "මරනු ලබයි, මැරෙයි" යන ආඛ්‍යාත තබා ඇත්තේ මුවා යන උක්ත කර්මයට අනුවයි. මෙසේ ආඛ්‍යාතය කර්මයට භාරව ප්‍රකාශ වන නිසා එය කර්මකාරක ක්‍රියා නමින් හඳුන්වනු ලබයි.
.....................................................................................
.....................................................................................
අපර ක්‍රියාව:
වාක්‍යයක ප්‍රධාන ක්‍රියාවට මුලින් කෙරෙන ක්‍රියාව පූර්ව ක්‍රියාව බව අපි දනිමු. එසේ නම් අවසාන ක්‍රියාවට පසුව සිදු කිරීමට අපේක්ෂිත ක්‍රියාව අපර ක්‍රියාව වේ.
උපාසකතෙම තපස් රකින්නට වනගත විය.
උපාසකගේ මුල් ම ක්‍රියාව වනගත වීමයි. ඔහු තපස් රකින්නේ ඉන් අනතුරුව ය. එම නිසා රකින්නට යන්න පෙර මෙහි අපර ක්‍රියාවයි. මෙය රකින්නට වෙනුවට රැකීම පිණිස, රැකීම සඳහා, රකිනුව ආදී වශයෙන් ද තැබිය හැකිය.