සාරාංශකරණයේ දී පිළිපැදිය යුතු කරුණු කෙටියෙන්
 
* ප්‍රථමයෙන් ම නිරවුල් ව ඡේදය කියවිය යුතු ය. එවිට ඡේදයේ නිශ්චිත අදහස් අවබෝධකර ගත හැකි ය.

* වරක් හෝ දෙවරක් කියවා එහි ප්‍රධාන අදහස කියවෙන ප්‍රධාන වාක්‍යය හඳුනා ගත යුතු ය.

* සාරාංශය ලිවීම යනු, දී ඇති ඡේදයේ ඇතැම් වචන කපා හරිමින් වචන අඩු කරමින් ලියන ලද්දක් නොවෙයි.

* සාරාංශය ලිවීමේ දී මුල් ඡේදයේ අදහස් තම බසින් පෙරලා ගැනීම කළ යුතු අතර එය හුදෙක් ම මුල් ඡේදයේ පිටපතක් නොවිය යුතු ය.

* සාරාංශය කියවූ විට එහි අදහස මතුවිය යුතු ය. මුල් ඡේදයේ ඇති වාක්‍යය ඒ අයුරින් ම පිටපත් නො කළ යුතුය.

* ඡේදයෙහි ඇතුළත් තොරතුරු විස්තර කෙරෙන උදාහරණ ආදිය සාරාංශයට අවශ්‍ය වන්නේ නැත.

* ලේඛනයේ යෙදෙන භාෂා සැරසිලි වලට උපමා, රූපක, වර්ණනා, ව්‍යංගාර්ථ ආදිය බැහැර කරමින් ඡේදයේ අදහස සෘජු ව ලිවිය යුතු ය.

* සාරාංශයේ දී නැවත නැවත අදහස් දැක්වීම හෙවත් පුනරුක්තිය නො තිබිය යුතු ය.

* දී ඇති ඡේදයේ අදහස් වලට අමතර ව තම අභිමතය පරිදි අලුත් කරුණු ඇතුළත් නො කළ යුතු ය.

* සාරාංශයේ දී මූලික අදහස් වාක්‍යය ලෙස ලියා පසු ව එම අදහස් වාක්‍යයකින් ලිවීමට උත්සාහ ගත යුතු ය.

* සාරාංශය අවසානයේ දී යොදාගත් වචන සංඛ්‍යාව ලියා දැක්විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017