සමාජයක සංස්කෘතිය එම සමාජයේ පවත්නා ආකල්ප, විශ්වාස හා වටිනාකම් වල එකතුවක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලාංකිය සංස්කෘතිය තුළ පවුලේ සාමාජිකයන් මෙන් ම මිතුරන් අතර මහත් බැඳීමක් පවතී.
දුර බැහැර සිටින පවුලේ සාමාජිකයන් හා මිතුරන් අතර නිරතුරු සබැඳියාව පවත්වා ගැනීමට වුවමනා බැවින් දුරකථනය හා අන්තර්ජාලය භාවිතය වර්තමානයේ බහුල ව දක්නට ලැබෙයි. මේ නිසා වර්තමානයේ සන්නිවේදන උපකරණ වලට වැඩි ඉල්ලුමක් පවතී.