මානව සමාජයේ දෛනික අවශ්‍යතා (Needs) හා වුවමනා (Wants) ඉටුකර ගැනීමට විවිධ භාණ්ඩ හා සේවා යොදා ගනියි. මෙයින් බොහෝමයක් ස්වභාවික සම්පත්, තමාට අවශ්‍ය ලෙස සකසා ගත් ඵල වේ. අතීත මානවයා කෝටු කැබලි හෝ ගල් කැබලි එකිනෙක අතුල්ලා ගිනි දැල්වීම කලදා පටන් අද දක්වා ම මිනිසා අලුත් දේ තනයි. තැනූ දේ නවීකරණය කරයි. වසර දහස් ගණනකට පෙර බර එසවීමට ලීවරය මේ වන විට දොඹකරය දක්වා නව්‍යකරණය වී ඇත.
නිෂ්පාදන, ප්‍රවාහන, සන්නිවේදන සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රවල යන්ත්‍ර හා උපකරණ දිනපතා නවීකරණය වේ. ඒ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය සුවිශේෂී වෙයි. එයට හේතුව මානව සංවර්ධනය උදෙසා සිදු කෙරෙන සෑම නිර්මාණයක් ම පාහේ ඉංජිනේරු තාක්ෂණය මත පදනම්ව තිබීමයි.